කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ


කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය මීට සුළු මොහාතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.

මේ අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මෙලෙස ප්‍රතිසංස්කරණයට ලක්වනුයේ අවුරුදු 60කට පසුවීම විශේෂත්වයක් වන අතර, මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 424 ක් වැය කිරීමට අපේක්ෂිතයි.

මෙම නවීකරණය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Post a Comment

0 Comments