අධිකරණයට යොමු වන මූල්‍ය ආරවුල් අවම කිරීම සඳහා, මූල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර පවසනවා.
ඒ අනුව, එහි පළමු අදියර යටතේ කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොනරාගල දිස්ත්‍රික්ක තුළ විශේෂ මූල්‍ය ආරවුල් පිළිබඳ සමථ මණ්ඩල පිහිටුවීමට කටයුතු කරන බවයි වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
2025 අයවැය මඟින් සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත රුපියල් බිලියනයකට අධික ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
සමථ මණ්ඩලයට වසරකට ආරවුල් ලක්ෂ 02 කට වඩා වැඩි ප්‍රමාණයක් යොමු වන බවත්, සමථකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම තුළින් අධිකරණය තුළ ගොඩ ගැසීමට තිබෙන තවත් නඩු ලක්ෂ 02 ක් පමණ වසරකට අඩු කර ගැනීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


0 Comments