රටේ ජනතාව විසින් නිර්මාණය කරගත් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව සතුටින් සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඒ අනුව, දේශපාලනය තුළ නාස්තිය, දූෂණය සහ වංචාව අවම කිරීමට රජය කටයුතු කරමින් ඇති බවත්, එය රාජ්‍ය නිලධාරීන් වෙතද ගෙන යමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
හොරු ඇල්ලීම පමණක් නොව, කුඩු හා පාතාලය මැඩ පැවැත්වීමටද ආණ්ඩුව කටයුතු කරන බවත්, රට සංවර්ධනයට මුදල් යෙදවීමට ද කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
‘සුවඳ’ එන්නේ වැලිකඩ පැත්තෙන් ද, නැතහොත් මැදමුලන පැත්තෙන්දැයි බලා සිටිය යුතු බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
0 Comments