විදේශ රැකියා පැමිණිලි සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවයි.

 


විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා, පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

විදේශ රැකියා වංචාවන් වැළැක්වීම සහ පැමිණිලි සඳහා කඩිනමින් විසඳුම් ලබා දී ඔවුන්ට සහන සැලසීමේ අරමුණින් මෙම ඒකකය පිහිටුවා තිබෙන බව වැඩිදුරටත් දැක්වෙනවා.


Post a Comment

0 Comments