අනුර ප්‍රියදර්ශනය යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට සංශෝධිත අධි චෝදනා පත්‍ර භාරදෙයි


හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද සංශෝධිත අධි චෝදනා පත්‍ර භාරදී තිබෙනවා.

ඒ අනුව, එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම සංශෝධිත අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ භාරදීම සිදුවී ඇති බවයි සඳහන් වෙන්නේ.

සංශෝධිත අධි චෝදනා පත්‍රය යටතේ, මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු ලෙස හිටපු ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ බව කියන අනුර සෙනෙවිරත්න නමැත්තෙකු නම් කරන බවද පැමිණිල්ල විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

2014 වසරේ දෙසැම්බර් මාසයේදී, ගං වතුර ආධාර සපයන බවට සඳහන් කරමින්, අනීතික ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව‍ චෝදනා එල්ල වී තිබෙනවා.


Post a Comment

0 Comments