සුරාබදු ආදායමේ වාර්තාගත වැඩිවීමක්

 


2025 වසරට අදාළව සුරා බදු ආදායමේ වාර්තාගත වර්ධනයක් සිදුව ඇති බව සුරා බදු කොමසාරිස් ජනරාල් එම් බී එන් ඒ පේමරත්න මහතා පවසනවා.

මේ වසරට අදාළව ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවට රජය ලබාදී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 242ක්.

සැප්තැම්බර් මස 30 වනදා වන විට රුපියල් බිලියන 177ක් බදු ආදායම් ඉලක්කයක් දෙපාර්තමේන්තුවට ලබාදී තිබුණා.

ඒ අනුව අදාළ කාලය වන විට උපයා ඇති සුරා බදු ආදායම රුපියල් බිලියන 190.4ක්.

එය 107.6% ප්‍රගතියක් බවයි සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

එම ආදායම් වර්ධනය 2024 වර්ෂයේ සමාලෝචිත කාලයට සාපේක්ෂව 18.1% වැඩි වීමක් ලෙසයි සඳහන් වන්නේ.

මේ වසරේ රට පුරා සිදුකළ වැටලීම් 22,094කින් උපයා ගත් දඩ මුදල් ආදායම ද ඒ අතර වනවා.

Post a Comment

0 Comments