නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිටි පිහිනුම් තටාකයක ගිලී කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 05 ක් වූ තලපත්පිටිය, නුගේගොඩ ප්‍රදේශයේ පිරිමි දරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ කුඩා දරුවා පෙර පාසලේ ගුරුවරුන් සහ තවත් ළමුන් කණ්ඩායමක් සමඟ, පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම් කරන අතරතුරදී දියේ ගිලී ඇති අතර, පසුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
0 Comments