ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (30) පස්වරුවේ ටෝකියෝ හි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවී තිබෙනවා.
ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක ද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්.
0 Comments