ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.
* ඩිජිටල් හැඳුනුම්පත 2026 තුන්වන කාර්තුවේදී නිකුත් කිරීමට පියවර.
* රජයේ සියලු ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ සිදු කිරිමට අපේක්ෂා කරනවා. එහි මූලික පියවරක් ලෙස, රාජ්‍ය ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදු කිරීමේදී සේවා ගාස්තු අය නොකිරීමට තීරණය කර තිබෙනවා.
* QR හරහා රුපියල් 5000 ට වඩා අඩුවෙන් සිදුකරන ගෙවීම් වලට අය කරන සේවා ගාස්තු ඉවත් කරනවා.
* ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවනවා.
* සියලු පුරවැසියන්ට ඩිජිටල් තාක්ෂණයට ප්‍රවිෂ්ඨවීමට, අස්වැසුම පවුල් ලාභීන්ට ‘බ්‍රෝඩ්බැන්ඩ් වච්චර්’ ලබාදීමට කටයුතු කරනවා.


0 Comments