සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් නායකයෙකු ලෙස පිළිනොගන්නා බව සමාජයේ මතය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. කොතරම් පුරසාරම් දෙඩුවත් ඔහුට රටේ නායකත්වය භාරගැනීමට තරම් වාසනා ගුණයක් නොමැති බව මේ වන විට ස්ථිර වශයෙන්ම තහවුරු වී ඇති බව රංගේබණ්ඩාර මහතා පෙන්වා දෙයි.
එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කාන්තා සමුළුවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප මහලේකම්වරයා මෙසේද පැවැසීය.
දැන් මුළු රටම ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ ව්‍යසනකාරී තත්ත්වයෙන් වැඩියෙන්ම පීඩාවට පත්ව සිටින්නේ මේ රටේ කාන්තා පරපුරයි. ආර්ථික දුෂ්කරතා තුළ මේ ප්‍රශ්න නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම වහාම මේ තත්ත්වයට විසදුම් සෙවිය යුතුයි. එසේ නොමැතිනම් අපිට ඉදිරි ගමනක් අපේක්ෂා කරන්න බැහැ. දරුවන්ට අනාගතයක් නෑ. කන්න බොන්න දෙයක් නැති වෙයි. කුසගින්නේ මිනිස්සු මරණයට පත්වේවි. රටම එකවර නවතින්න පුළුවන්.
එක්සත් ජාතික පක්ෂය මේ රටට සැබෑ ලෙස ආදරය කරන දේශපාලන පක්ෂයක්. අපේ නායකයො බොරු කියන බොරු කියපු නායකයෝ නොවන බව අවධාරණය කළ යුතුයි. මුල සිට මේ දක්වා පක්ෂයේ නායකයින් පිළිබද හැදෑරීමෙන් ඒ දේ තේරුම් ගන්න පුළුවන්. ඒ නිසාම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අවස්ථාවේ රටේ වගකීම භාරගත්තේ. අපි පක්ෂයක් ලෙස මේ පිළිබද සාකච්ඡා කළා. අගමැතිතුමා කිව්වේ රට පීඩනයට පත්වීමට ඉඩ දිය නොහැකි බවයි. එහෙමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අභියෝගය භාරගත්තේ.
නායකයින් හරිහැටි හදුනාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදීයී. මේ මොහොතේ අගමැතිකම භාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස මහතාටත් දැනුම්දීලා තිබුණා. එහෙත් ඔහු විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් කල්මැරීමේ ප්‍රතිපත්තියකයි සිටියේ. ඒ වෙලාවේ තමයි ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිකම භාරගන්නා ලෙස ආරාධනා කළේ. අපි ඒ මොහොතේ කොන්දේසි දමන්න ගියේ නෑ. අපි රට වැටී ඇති තැනින් නගා සිටුවන්න අවශ්‍ය කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කළා. කොහොම වුණත් රනිල් වික්‍රමසිංහ නායකතුමාට අගමැතිකම දෙන බව දැනගත් වහාම සජිත් ප්‍රෙමදාස විපක්ෂ නායකතුමා කඩිමුඩියේ ජනාධිපතිවරයාට ලිපියක් ලියනවා අගමැතිකම භාරගන්න ලෑස්තියි කියල. මුලින් දාපු කොන්දේසිත් සරල කරලා තමයි ඒ ලිපිය ලියන්නේ. බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ වගේ ප්‍රතිපත්තියක සිටිමින් දේශපාලනය කරන මේ ඇත්තන්ට හරිදේ කොහොම උගන්වන්නද ? මේක තමයි කුහකත්වය. ඊට එහා හැදින්වීමක් ඊට නැහැ.
සජිත් ප්‍රේමදාස මහතා දැනුත් කරන්නේ මේ වැඩපිළිවෙල ආපස්සට හැරවීමේ ක්‍රියාන්විතයක්. එහෙම කරන්න උචිත නෑ. මේ අවස්ථාව ඉතා අවධානම් තත්ත්වයක්. හරීන්, මනූෂ වගේ අය ඇවිත් අගමැතිතුමාගේ වැඩපිළිවෙලට සහය දීම තුළම විපක්ෂ නායකවරයාගේ සෘණාත්මක හා අසමත් ක්‍රියාකලාපය පැහැදිලි වනවා. ආරංචියේ හැටියට සමගි ජනබලවේගයේ බොහෝ අය ඉන්නේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වය පිළිබද පැහැදීමකින් නොවෙයි.
අපිට කියන්නට තිබෙන්නේ එක දෙයයි. ඒ නම් ජනතාව දැන් සත්‍ය වටහා ගනිමින් සිටිනවා. නායකයෝ කව්ද ? රටට ආදරය කරන කණ්ඩායම් හා පුද්ගලයින් කව්ද? ආදී වශයෙන් ජනතාව සත්‍ය වටහා ගනිමින් සිටිනවා. ඒ තත්ත්වය තුළ විපක්ෂ නායකවරයාට අත්වන ඉරණම කණගාටු විය හැකියි. ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව මාද කණගාටු වනවා.
කෙසේ වෙතත් දැන් අපි අපට කරන්නට ඇති වැඩ කොටස සම්පූර්ණ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටිනවා. ඒ අපේ වගකීමයි. ඉතා ඉක්මනින් ජනතාවට යම් සහනයක් ලබාදී වැටී ඇති තැනින් තරමක් හෝ නැගී සිටීම අපේ සැලසුම්වල ප්‍රධාන ඉලක්කයයි. මාස කිහිපයක් ගත වන විට අපට බොහෝ ඉලක්ක සපුරා ගන්න හැකි වේවි. බඩු මිල, ඉන්ධන හා ගෑස් අර්බුද, බෙහෙත් ආදී සියල්ලට මූලිකව විසදුම් ලබාදීමයි අපේ සැලසුම. ඉන් අනතුරුව රටේ ආර්ථිකය නගාසිටුවීමේ දැවැන්ත ක්‍රියාන්විතයකට අවතීර්ණ වනවා.
මේ මොහොතේ කිවයුතු තවත් කාරණයක් වන්නේ ජනාධිපතිවරයා සමත් කිරීම අපගේ වෑයම නොවන බවයි. අපේ වෑයම වන්නේ රට සමත් කර ජනජීවිත සවිබල ගැන්වීමයි. රට නගා සිටුවීමයි. අසමත් අය අසමත් බව මේ වන විට රට පමණක් නොව ලෝකයම අබෙබෝධ කරගෙන අවසන්. ඒ ගැන නැවත නැවත කියන්න අවශ්‍ය වන්නේ නෑ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ හා අගමැතිවරයාගේ අපේක්ෂාව ඉතා පිරිසිදුයි. චේතනාව පවිත්‍රයි.
කිළිටු දේශපාලනය වෙනුවට සබුද්ධික ක්‍රියාවලියක් වෙත සමාජය යොමු වෙමින් තිබෙනවා. අරගලය තුළින් පෙනෙන්නට ඇත්තේද එවැන්නක්. ඒ නිසා අපි දැන් සමාජය දකින ඉසව්ව අනුව ගමන් කළ යුතුයි. දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාකාරීත්වයන් හා සැලසුම් ධනාත්මකව වෙනස් කළ යුතුයි. ඒ වෙනුවෙන් සමාජය සමග වැඩ කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම්.
– මාධ්‍ය ඒකකය


0 Comments