ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ව ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහයෝ හි ජිවත්වන ඉරාක ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ඇමෙරිකානු බලධාරීන් නිවේදනය කර තිබේ.
ෂිහාබ් අහමඩ් ෂිහාබ් නමැති එම පුද්ගලයාට එරෙහිව හිටපු ජනපතිවරයෙක් ඝාතනය කිරීම සඳහා උත්සාහ ගැනීම සහ අනුබල දීම සම්බන්ධයෙන් මෙන්ම නීතිවිරෝධී ලෙස විදේශිකයින්ව ඇමෙරිකාවට ගෙන ඒමට උත්සාහ කිරීමට එරෙහිවද චෝදනා එල්ලකර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබෙන පරිදි හිටපු ජනපති ඝාතනය කිරීමේ සැලැස්මේ එක් පියවරක් ලෙස ෂිහාබ් ඉරාක ජාතිකයින් සිව් දෙනෙක්ව නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට රැගෙන ඒමට සැලසුම් සකස්කර ඇත.
2020 වර්ෂයේදී ඇමෙරිකාවට පැමිණ ඇති සැකකරු හිටපු ජනපතිගේ Dallas හි පිහිටි නිවස අසළට ගොස් තොරතුරු සොයා ඇති බවටද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය අනාවරණය කර තිබේ.


0 Comments