දැන් පෙහාට්ටු රජය සර්වාකාරයෙන්ම අධිරාජ්‍ය ගැති ධනපති ආණ්ඩුවකි. ඇමරිකා එක්සත් ජනපදය තානාපතිවරයා සමග ගෝඨාභය, බැසිල් එකතුව විසින් ලංකාවේ අධිරාජ්‍ය ගැති ධනපති පංතියේ සැබෑම නියෝජිතයා වූ රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයටද, නොබෝ කලකින් මුදල් ඇමති වීමට ඉඩ ඇති ධම්මික පෙරේරා කැබිනට් මණ්ඩලයේ බරසාර තනතුරකට පත්කරනු ලැබීය. ඒ නිසා දැන් සමහරක් නායකයන් යූ. ඇන්. පී. වෙමින් සිටින අතර තවත් සමහරෙකු ස්වාධීන වෙමින් සිටී. මෙයින් පෙන්වන්නේ සජබ ටිකෙන් ටික ලෙහී යන බවය. එයට හේතුවන දේශපාලන පසුබිම වනුයේ, රනිල්ගේ නායකත්වයට අනාගතයක් නැතිබව සිතූ පිරිස සජිත්ගේ සජබ ට එක්වූ නමුදු දැන් රනිල් මුදුනට පැමිණීම සමග ඔහුට අනාගතයක් ඇති බව පෙනී යයි. එනිසා සජබය ලෙහී යයි.
සජබය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තම දර්ශනය බවට සජිත් හඬනැගුවත් එය සජබයේ පරණ යූඇන්පී පිරිස් අතර මුල් බැස්සේ නැත. මේ නිසා පොහොට්ටු නායකත්වය බලවත් වෙයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ප්‍රමුඛ ලෙස පොහොට්ටුව සහ වාමාංශික නායකයන් පසුපස සිටී. කුමන පෙරලි කොතරම් සිදු උනත් ඉඩොක්කය උඩවිසි වී නැවත වැටෙන්නේ අධිරාජ්‍යවාදී ධනපති පංතියේ උවමනාව එක් පැත්තකටත්ල ජාතික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලය බලය ප්‍රතිවිරුද්ධ පැත්තටත් සිටින ලෙසයග එබැවින් ආණ්ඩුව දක්ෂිණාංශයට වේගයන් ගමන් කරද්දී පොහොට්ටුවේ ජනතා බලවේග සීඝ්‍රෙයන් එයින් ඉවතට ගමන් කරනු ඇත. ආණ්ඩු විරෝධී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් කෙලින්ම පක්ෂ එකතුවට එතැයි සිතිය නොහැක. ඒ ඒ ප්‍රදේශ අනුව SLFP ආදීන් වෙතද යා හැකියග නමුත් SLFP ය එකී සියළු බලවේග තමන්වෙත දිනා ගත හැකි යයි සිතන බව පෙනේ. මෙය නොවිය හැකිය. දැනට වඩා රැඩිකල් කොටස් SLFP යටද එකතුවිය හැකිය.
SLFP සහ විපක්ෂ එකතුව අතර සන්ධානයක් ඇති වේ යයිද සමහරු බලාපොරොත්තු වේ. නමුත් එය හුදෙක් මැතිවරණය සඳහා ඇතිකරගනු ලබන එකඟතාවයකට හෝ එක්සත්ව ක්‍රියාත්මක වීම වැඩි දෙයක් නොවිය හැකිය.
ගෝල්ෆේස් බලවේගයේ සැබෑ මුහුණුවර දැන් පැහැදිලිව පෙනෙමින් ඇත. දැනට දැඩි වාමංශික ස්ථාවරයක් දරණ පෙරටුගාමීන්ටද සුළු කොටසක් යනු ඇතැත් එහි ගමන් මග අනතුරුදායක වේ දැයි සමහරු පසුබානු ඇත.
පොහොට්ටුවෙන් ජවිපෙ යට එකතුවන සංඛ්‍යාව එතරම් නොවිය හැකිය. එහෙත් අඩු දියුණු ඡන්දදායක කොටස් එසේ යා හැකිය.
Aeroflot සිද්ධිය ගැන හෝ රුසියාව මගහැර තෙල් සපයා ගැනීම හෝ ජවිපෙ යට කීමට දෙයක් නොතිබූසේ පෙනේ. එය ජවිපෙ යේ දේශපාලනයෙන් ආස්වාදයක් ලැබූ කොටස්වලට ප්‍රශ්නයකි.
උතුරේ TNA දේශපාලන බලය වඩා රැඩිකල් පොන්බලම් හා විග්නේශ්වරන් අතර බෙදී යමින් බෙදුම් වාදය නොපිළිගන්නා දෙමල ජන කොටස් අතර ලාංකේය අධිරාජ්‍ය විරෝධී එක්සත්කමක් ගැන උනන්දුවක් මතුවිය හැකිය. නමුත් ඒ සදහා පක්ෂ එකතුව දමිලර/මුස්ලිම් ජනයාගේ ප්‍රශ්නය ගැන ප්‍රමුඛත්ව යොමුවිය යුතුය. පොහොට්ටු මන්ත්‍රීවරුන් එකට බැද තබාගෙන එම බලය කරමත නගී. ආණ්ඩුව හසුරුවා ගනිමින් තම බලය තබාගැනීමට විවිධ උපක්‍රම යොදන බැසිල්මහතාගේ පවැත්මද විසිරී යන පොහොට්ටු බලවේගයේ ඉරණමටම යටත්වනු ඇත.
ඉදිරි කාලයේ ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන සාධකය වනුයේ ඉන්දු පැසිපික් ක්‍රියාමාර්ගික ඇමරිකානු සැලසුමය. ආණ්ඩුවේ නිල ලත් හා නිල නොමැති සියළු නායකයන් මේ ගැන ඇමරිකාවට හිතවත්ව ඒකමතිකය. එනිසා එම සැලසුමට අවශ්‍ය පියරවයන් ඉක්මනින්ම ගැනෙනු ඇත. ඊට හරස්ව ඇත්තේ ප්‍රධාන ලෙස ලංකාව මුහුණ දෙන දැඩි දුර්භීක්ෂ තත්ත්වයය. එබැවින් එම තත්ත්වය සමනය කිරීමට ජපානය ඉන්දියාව මුල් වී කටයුතු කිරීමට තීරණය වී ඇත.
මෙවැනි සන්දර්ශනයක් තුළ මහින්ද රාජපක්ෂ චමල් රාජපක්ෂ දෙදෙනා පසෙකට තල්ලු වී යනු ඇත.
මම අසාර්ථක ජනාධිපති කෙනෙකු ලෙස පිටවී නොයමි, යි ගෝඨාභය කියනුයේ ඉහත දැක්වූ දේශපාලන පෙල ගැසීම හොඳින් දැනගෙනයග ඉතාම දරුණු හාමතකට ගොදුරු වී සිටින විශාල පවුල් සංඛ්‍යාවක් හරියාකාරයෙන්ම අවදානමට වැටෙන පිරිස ලෙස IMF සැලසුම් අනුව තහවුරු වේද? දැනට සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අනුව දෙවේලක් කෑමට වත් ආදායමක් නොලබන පවුල් ගණන 40%කි. නමුත් සැබවින් අගහිඟ කමින් පෙලෙන දුප්පත්භාවයට ($2.5 අඩු ) පත් පවුල් සංඛ්‍යාව 60% පමණ දක්වා විය හැකිය.
මෙම තත්ත්වය යටතේ වුවද අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය 10ක් වත් සාධාරණ මිලකට සීමිත සලාකයක්වත් නොලැබේ.
ලාංකීය දේශපාලනය භූකම්පාවක් බදු වූ දේශපාලන පෙරලි දාමය, එකිනෙකින් වෙන් වූ සිද්ධීන් ලෙස පෙනුනත්, එහි සමස්ථ අර්ථය ඇමරිකා එක්සත් ජනපදය සැලසුම් කල අරාබි වසන්තයේ කථාවමය.
0 Comments