ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බව අඟවමින් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙන බව වාර්තා වේ
Apple Watch, iPhone, iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ වන බව ඔවුන් නිවේදනය කරයි.
මෙම තත්වයෙන් බේරීමට වහා තමන්ට අදාළ ඇපල් නිෂ්පාදනයට නියමිත මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සිදුකරන ලෙස එම සමාගම පාරිභෝගිකයන්ට උපදෙස් දී තිබේ.
එක් එක් ඇපල් නිෂ්පාදනය වෙනුවෙන් මෙම සතිය තුළදී යාවත්කාලීන කිරීම් මාලාවක් ඔවුන් ප්‍රකාශයට පත්කරනු ලැබීය.
0 Comments