69 ලක්ෂයක ජනවරමකින් බලයට පත් වූ ජනාධිපතිවරයකු වසර දෙකකටත් වඩා අඩු කාලයකින් සිය රජකම හැරදා රටෙත් නොසිට පලායාමට සිදුවූයේ අරගලය නිසාවෙනි.එසේම කැබිනට් මණ්ඩලය සමඟ අගමැති මහින්ද මහතාට පලායාමට සිදුවූයේද අරගලය නිසා බව අපි දනිමු.(මෙහිදී අරගලය ඇති වුනේ ඇයි,එහි පිටුපස සිටි බලවේග මොනවාද,එහි ප්‍රතිඵල මොනවාද යන්න වෙනම සාකච්ඡා කළ යුතුය.මෙම සටහනෙන් අවධාරණය කරන්නේ සමාජ මාධ්‍ය වල ඇති ප්‍රබලත්වය හා එමගින් ධනපති පාලකයන්ට ඇති අභියෝගය ගැන පමණි)
මෙම අරගලය සජීවී කළ එක් ප්‍රධාන මෙවලමක් වූයේ "සමාජ මාධ්‍ය "බව මාධ්‍ය වේදියෝ පවසති.
සමාජ මාධ්‍ය හරහා ලබාදුන් එසැනින් ප්‍රවෘත්ති,තොරතුරු සමාජය වෙත ක්ෂණිකව ගලාගිය අතර,ඊට ප්‍රතිචාර වශයෙන් ජනතාව වෙතින්ද දක්වන සජීවී අවකාශයක් සමාජ මාධ්‍ය තුලින් දැකිය හැකි විය.එහි ඇති භයානක අවදානම ගැන හොඳීන්ම දැන සිටින නායකයා රනිල්ය.මී ළඟ වසර පහේ රටේ නායකත්වය ගැනීමට ඉමහත් ආශාවකින් පෙළෙන රනිල් දැන් තියාම එයට සූදානම් වීමේ පියවරක් ලෙස ජනතාව බිය වැද්දීම සඳහා සමාජ මාධ්‍ය මර්ධන පනතක් හා ප්‍රති ත්‍රස්ත පනත නමින් නව පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත්,ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හඬ මර්ධනය කිරීම රනිල්ගේ අරමුණ බවත්,එයට සියළු දෙනා විරුද්ධ විය යුතු බවත් ඒ වෙනුවෙන් දැවැන්ත උද්ඝෝෂණයක් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් කළ යුතු බව මාධ්‍යවේදීන් සඳහන් කරති.
0 Comments