රට රකින විරුවෙක් කියලා මෝඩයෙක් ගෙනා නිසා විශිෂ්ඨ සංවර්ධනය නැවතුනා…

 

බදු බර එක් පැත්තකින් ද, ණය බර තව පැත්තකින් ද, පැමිණ බිත්තියට හේත්තු වී සිටින ජනතාවගේ හිස මතට බඩු මිලෙන් පැමිණි බඩු බර ද, පැටවී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එක්සත් ජනරජ පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් ජනරජ සභාව අමතමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“කුරුණෑගලට අපි ඇවිල්ලා තියෙන්නේ නිකන්ම අත්දෙක වන වන නෙවෙයි. ඔබ දකින්න ඇති මේ දිස්ත්‍රික්කයේ මේ නගරයටත්, බොහෝ ආසන වලටත් අපි පසුගිය කාලයේ විශාල මෙහෙවරක් කරලා තමයි අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මේ කුරුණෑගල මහා නගරයක් කරන්න අපට අවශ්‍යව තිබුණා. ඒ නිසා අපි 2018 වර්ෂයේ මේ පිළිබඳව ප්‍රංශ රජයත් එක්ක කතා කරලා අපට කෝටි 2000 ක මුදලක් ඒ වෙනුවෙන් ලබාගන්න අපි කටයුතු කළා.

විශේෂයෙන්ම මේ අධිවේගී මාර්ගය පැමිණියාට පස්සේ දුම්රිය ස්ථානය, බස් නැවතුම්පොළ පරිපාලන සේවාවන් එක තැනකට අරගෙන නව නගරයක් ඉදිකරන්න. මාර්ග තදබදය වළක්වන්න තමයි ඒ අරමුදල් අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ නගරයේ පැල්පත් ගණනාවක් තියෙනවා. ඒ පැල්පත් ගණනාව ඉවත් කරලා, අපි අර වැව රවුම ඉතා මැනවින් ඉතා ලස්සනට, ඉතා සුන්දරව මේ රටේ මධ්‍යම පන්තියට ලබා දුන්නා වගේ විධිමත් නගරයක් බවට පරිවර්තනය කරන්නයි අපේ උත්සාහය තිබුණේ. මේ නගරයත් ඒ වගේම දඹුල්ල නගරයත් අවසාන වශයෙන් තිරිකුණාමලයත් මේ කලාපය රටේ ප්‍රධාන ආර්ථික කලාපය කරන්න තමයි අපේ ජාතික, භෞතික සැලසුමේ තිබුනේ. අපි ඒක හෙටටත්, අනාගතයේ දවසකටත්, අපි ඒ කාර්යය කරන්න සැදී පැහැදී ඉන්න බව ප්‍රකාශ කරන්න ඕනේ. නමුත් අවාසනාවකට අපේ රටට අපේ රටේ ජනතාවට ඕන වුණා දෙසිය විසිපහම බොරුකාරයෝ. රට හදන්න නිලධාරියෙක් ඕනේ. කියලා වැඩ කරන විරුවෙක් ගේන්ඩ ලක්ෂ සංඛ්‍යාත වශයෙන් ඡන්දය ලබාදීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ කුරුණෑගල මහ නගරයත් අපිට නැති වුණා. ඒ මාර්ග පද්ධතියත් අපිට නැතිවුණා විතරක් නෙවෙයි, අද වෙනකොට අපිට අපේ ජීවිතත් අහිමි වෙන තත්ත්වයට අපි පත්වෙලා තිබෙනවා.

බොහොම කනගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ පිටින් ඔය ප්‍රශ්න විසඳුනා වගේ තිබුනට, මේ රටේ ජනතාව දන්නවා ප්‍රශ්න විසඳිලා නැති බව. විදුලිය තිබෙන බව ඇත්තයි. හැබැයි විදුලි බිල වැඩි කරලා තියෙනවා. දුප්පත් මිනිස්සුන්ට හත් අට ගුණයකින්. පොදුවේ තුන් ගුණයකින්. තෙල් තිබෙන බව ඇත්තයි. තෙල් මිල වැඩි කරලා තියෙනවා. තුන් හතර ගුණයකින්. පොහොර දෙන එක ඇත්තයි. රුපියල් තුන්සිය පනහට තිබිච්ච පොහොර මිටිය රුපියල් නමදාහට, එකොළොස්දාහට ගිහිල්ලා තියෙන බවත් ඇත්තයි. ඒක නිසා, මේ ප්‍රශ්නය විසඳිලා නෑ. විසඳිලා නෑ විතරක් නෙමෙයි, මේ ප්‍රශ්නයත් එක්ක පේනවා ප්‍රශ්න ගණනාවක් අද ඇවිල්ලා තියෙනවා. අපට අද බදු බර එක පැත්තකින්. ණය බර තව පැත්තකින්. ඒ වගේම බඩු මිලෙන් ආපු ඒ බඩු බරත් අද අපේ ඔළු පිටට ඇවිල්ලා. දැන් ක්‍රමයෙන් මේ රට නැවත වතාවක් අර 2021 දෙසැම්බර් මාසේ වගේ මහජනයාට තේරිලා තියෙනවා ආදායම නෑ. පඩි පත ප්‍රමාණවත් නෑ. තවත් මහා පිපිරීමකට රට ක්‍රම ක්‍රමයට ගමන් කරමින් තිබෙනවා. මේ බදු බරයි, ණය බරයි, බදු බරයි එක්ක අපේ ජනතාවට තවත් මේ ගමන ඇදෙන්න බෑ, අදින්න බෑ කියන තැනට මේ රටේ මහජනයා පත් වෙච්ච නිසා තමයි තැනින් තැන අද වැඩ වර්ජන, උද්ඝෝෂණ, පන්දම් පෙලපාලි ආරම්භ වෙලා තියෙන්නේ.

එදා 2021 බැසිල් රාජපක්ෂ මහත්තයා බොහොම ආඩම්බරයෙන් අයවැයක් ගෙනාවා 2022 ට. හැම ගමකටම මහා දැවැන්ත සංවර්ධනයක් එක්ක කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරලා, පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරලා, එහෙම යන මහා ගමනක් ගැන එදා කතා කළා. හැබැයි අපි දැක්කා, රටට එහෙම යන්න බැරි බව. 2021 නොවැම්බර් 17 අපි කිව්වා පාර්ලිමේන්තුවේදී බැසිල් රාජපක්ෂ මහත්තයටම ඔබතුමාට යලි අයවැයක් ගේන්න වෙන්නෑ ලබන අවුරුද්දේ කියලා. ඒ වගේම එදා පොලිස් ඇමති සරත් වීරසේකර මහත්තයාට අපි කිව්වා ඔබගේ පොලිසියට ලක්ෂ ගාණක් අත්අඩංගුවට අරගෙනවත් දාලාවත් ඊළඟ රැල්ල නවත්තන්න බෑ. මහජන රැල්ල නවත්තන්න බෑ කියලා. ඒ වගේම 2021 මාර්තු වෙනකොට බලශක්ති අර්බුදයක් ඇවිල්ලා ආණ්ඩුව බිමට නට්ටන් වෙනවා කියලා අපි කිව්වා. කවදද? 2021 නොවැම්බර් 17 කිව්වා. අපි අද කියනවා මේ කුරුණෑගල ඉඳන් මේ ඔක්තෝබර් මාසේ 29 මේ රැල්ල මහජනයාගේ මේ මහා පිපිරීම මහා ආවේගය තැන් තැනින් තැන පුපුරගෙන එන්නේ. ඒ ඇයි? රට යටින් නාය යන නිසයි මිත්‍රවරුනි ඒක වෙන්නේ. අද මේ රටේ බදු බර දරාගන්න බැරි තරම් මිනිස්සුන්ට.
දැන් ලබන අවුරුද්දට අපට තව බදු වර්ග දෙකක් එනවා. එකක් දේපළ බද්ද. අනික, අනික බූදල් බද්ද. ඒ දෙකට අවශ්‍ය කරන වටපිටාව, මුදල් අමාත් යාංශයට දැන් හදාගන්න වෙනවා. මේ දවස්වල ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන්, ගෙවල් වලට එහෙම එනවා ඇති. ඒ ගෙවල් වලට තව වට තුනක් එන්න නියමිතයි. ඒ තෙවෙනි, තුන්වෙනි වටවලදී, ඔය බූදල් බද්ද, එහෙම නැත්නම් ධන වස්තු බද්ද, ගෙවල් කොච්චර ලොකුද, ඉඩම් කොච්චර වපසරිය තියෙනවද, වාහන කොපමණ තියෙනවද? අම්මා තාත්තාගෙන් උරුම වෙච්ච රත්තරන් බඩු ඇද්දල එහෙම තියෙනවද? මේ සියල්ලටම බදු එනවා. ඒක තමයි අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක පසුගිය ජූනි 30 ගහපු ඒ ගිවිසුමේ තියෙන්නේ. ඒ නිසා තව බදු මග එනවා. හැබැයි අපි කියනවා. මේ තියෙන බදුත් වැඩියි. බදු හරියට මේ රටේ තියෙනවා රුපියල් කෝටි වලින් කෝටි ලක්ෂයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු එකතු කරලා නෑ. ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව කෝටි 5800 ක බදු එකතු කරලා නෑ. රේගු දෙපාර්තමේන්තුවට කවුද ලොකුම පොල්ල තියලා තියෙන්නේ? ලොකුම පොල්ල තියලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශය. දැන් මේ මුදල් අමාත්‍යාංශය අපිව එහෙන් මෙහෙන් හැමතැනින්ම හූරන් කනවා. හැබැයි රේගුවට ලොකුම පොල්ල තියලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ජනාධිපතිතුමා. ඊළඟට සුරාබදු දෙපාර්තමේන්තුවට මෙහේ හොඳ සුරාබදු වලට හොඳක් ප්‍රසිද්ධයි. එතනෝල් වලට සමාගම් කීපයක් විසින් කෝටි 6500 ක බදු පොලු තියලා තියෙනවා. දැන් සමහරු මේ රටේ ආදායම වැඩි කරන හැටි ගැන, හොරු අල්ලන හැටි ගැන, බදු වැඩි කරන හැටි ගැන, අඩු කරන හැටි ගැන, නොයෙක් කතා පවත්වනවා.

අපේ පාර්ලිමේන්තු කමිටුවෙන් කවදාවත්, නිලධාරීන් ගෙනල්ලා, එහෙම නැත්නම් අනික් අය ගෙනල්ලා ලැජ්ජාවට පත් කරන් නෑ. අපි ධනාත්මක වැඩක් කරන්නේ. මේ රටේ අවුරුදු විසි අටක් මේ රටේ කැසිනෝ හතරක්. ඒ කැසිනෝ ව්‍යාපාරිකයො ඒ අයගේ ඇතුලත් වීමේ ප්‍රවේශ ගාස්තුව ආණ්ඩුවට ගෙව්වේ නෑ. නමුත් අද අපිට පුළුවන් වුණා ගිය මැයි මාසේ ඉඳන් ඒ ප්‍රවේශ ගාස්තුව අය කරගන්න. ඒ අනුව ලක්ෂ වලින් ගත්තත් කෝටි හත හමාරක මාසික ආදායමක් අද ආණ්ඩුවට එනවා මේ රටේ කැසිනෝ වලින්. ඒක ඇත්ත ගාන නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ආදායම මේක අපිටත් තිබුණා ප්‍රසිද්ධ වේදිකාවේ කිය කිය යන්න අවුරුදු විසි අටක් අසුවල්ලු අසුවල්ලු බදු ගෙවලා නෑ කිය කිය කියෝ කියෝ ජනතාවගේ වෛරය කුලප්පු කර කර ඉන්න. ඒ වෙනුවට අපි මොකද කලේ? ඒ බද්ද අය කරලා පෙන්නුවා. අන්න එහෙමයි අපි අනාගතයේ වැඩ කරන්න යන්නේ මිත්‍රවරුනි. මොකද පාර්ලිමේන්තු කමිටුවකට කරන්න පුළුවන් නිකන් නිර්දේශ ඉදිරිපත් කරන එක විතරයි. වැඩ කරන්න අවස්ථාවක් නෑ. වැඩ කරන හැටි අපි පෙන්නලා දීලා තියෙනවා.

ඊළඟට මේ රටේ දෙදාස් ඉදන් අරක්කු වලට අරක්කු බෝතල් වලට ස්ටිකර් එකක් හඳුන්වලා දීලා තිබුණා. දැන් අරක්කු වෙළදාම බොහොම පාඩුයි. ඉතාම බරපතළ විදිහට, 50% කට ආසන්න ප්‍රමාණයකින් මත්පැන් භාවිතය අඩුවෙලා කියලා කියනවා. හේතුව ඇහුවහම, මිනිස්සු කසිප්පු බොනවා කියලා. නමුත් අපි හොයාගත්තා. මිනිස්සු කසිප්පු බොන එක ඇත්ත. නමුත් අපි හොයාගත්තා රටේ දැවැන්ත වංචාවක්, මොකක්ද? මේ හොර වංචාව පසුගිය අගෝස්තු දහවෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉස්සරහ මේ කෙරුවාව හරහා කරන දැවැන්ත ප්‍රකෝටි ගණන් වංචාව අපි හෙළි කළා. හෙළිකළා විතරක් නෙවෙයි මාසයක් ඇතුළත කෝටි සීයක් අමතර ආදායමක් අද රේගු දෙපාර්තමේන්තුවට ඇවිල්ලා තියෙනවා. අපි නියෝගයක් දීලා තියෙනවා මේ 31 වෙනිදා වෙනකොට ඔය හිඟ බදු කෝටි 6500 ගෙවන විදිහ ගැන නිශ්චිත තීරණයකට සුරාබදු දෙපාර්තමේන්තුවට එන්න කියලා ඒ පොලු කාරයොත් එක්ක. මේ වයඹත් ඉන්නවා. වයඹ ඩිස්ටිලර්ස්. හොඳ පොලු, කෝටි වලින් ගත්තොත් කෝටි 140ක පොල්ලක්. රටට. ඇහුවම කිව්වා හොයා ගන්නත් නෑ කිව්වා වයඹ ඩිස්ටිලරීස්. ආ. නමුත් අපි නියෝගය දුන්නා විතරයි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ කලින් කිව්වේ හොයාගන්නත් නැහැයි කියලා. අද ඇවිල්ලා තියෙනවා. මේකෙන් අපි පෙන්නන්නේ මේ සල්ලි එකතු කරන්න පුළුවන් මිත්‍රවරුනි. මේ සල්ලි එක්කහු කරන්න පුළුවන්. මේවා එක එක තැන් තැන්වල මඩ ගගහා කතා පවත්ව ඉන්නවා නෙවෙයි. විධිමත්ව වැඩ කරනවා නම් මේ රේගු දෙපාර්තමේන්තුවේ, ඒ වගේම ආදායම් දෙපාර්තමේන්තුවේ ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම එකතු කරන්න පුළුවන්. ඒ බව අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා.

අපි රටේ අමාත්‍යාංශ කරලා පෙන්නලා තියෙනවා වගේම පාර්ලිමේන්තුවෙත් අපි හුදු කථිකයෝ හැටියට, විවේචකයෝ හැටියට නෙවෙයි. ධනය උත්පාදනය කරන හැටි ගැන, සල්ලි හොයන හැටි ගැන, බදු නොගෙවලා ඉන්න ජාවාරම්කාරයින්ගෙන්, බදු ගන්න හැටි ගැන, අපි පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම අපි අනාගත එක්සත් ජනරජ පෙරමුණේ පාලනයක් යටතේ මේ රටේ සීයට හතළිස් පහක් විතර ඉන්නවා පිරිස විශාල ධන උත්පාදනයක් කරනවා. හැබැයි බදු ගෙවන්නෑ තඹයක්වත්. ඒ සියලු දෙනාම අපි බදු ජාලයට එකතු කරනවා. නවීන තාක්ෂණය යටතේ එක අංකයක්. මොකක්ද ඒ අංකය? හැඳුනුම්පත් අංකය. ඒ හැඳුනුම්පත් අංකය යටතේ රජයේ ආයතන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඒ වගේම රේගුව, හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව, ප්‍රවාහන එක ඇතුළු ආයතන විසිතුනක් අපි එක දත්ත වේදිකාවකට ගන්නවා. ඊට පස්සේ කිසි කෙනෙකුට ආදායම් හංගන්න බෑ. හොරෙන් වාහන ගන්න බෑ. හොරෙන් ගෙවල් ගන්න බෑ. හොරෙන් දේපළ අයිති කරගන්න බෑ. හොරෙන් විදේශ දේපළ අයිති කරගන්න බෑ. තමන්ගේ ධනය හෙළි නොකර ඒ කටයුත්ත කරන්න බෑ.

අද ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවන්නේ අපේ කැමැත්ත මත. නමුත් අපි ගේනවා ක්‍රමයක් ඒ තනි අංකය මත තමන්ගේ දේපල හරියට හඳුනාගෙන ඒ සියලු දෙනාගේම ආදායම මත ඒගොල්ලෝ බදු ගෙවන ක්‍රමයක් අපි වසරක් ඇතුළත ගේනවා කියන එක අපි කියනවා විතරක් නෙවෙයි. 50% කින් රටේ ආදායම අපි වැඩි කරලා පෙන්නනවා. පාර්ලිමේන්තු කමිටුවේ අපි අර වගේ එකක් කරලා පෙන්නුවා නම් අපට බලයක් දුන්නොත් කොයි විදිහට ක්‍රියා කරයිද කියලා ඔබතුමාලට හිතාගන්න පුළුවන්.

මේ රටේ නීතියේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මම හොඳ උදාහරණයක් කියන්නම්. ඔය හොර ස්ටිකර් බෝතල් අනූ අටදාහයි, මත්පැන් බෝතල් අත්අඩංගුවට ගත්තේ. හැබැයි දස ලක්ෂයක් බෝතල් ආපහු වලට ගියා. ඇයි? වෙනදා වගේ අත යටින් ගාන දීලා ඒ විදියට වැඩේ ශේප් කරගන්න බැරි බව අරක්කු මුදලාලිලා දැනගත්ත නිසයි ඒක වුණේ. අන්න එහෙම නීතිය ක්‍රියාත්මක වෙනවාය කියන සහතිකය තියෙනවා නම්, ඔය කවුරුවත් පිටරටින් හොරෙන් රත්තරන් ගේන්න යන්නෙත් නැහැ. කවුරුවත් ඔය රේගු බදු වංචා කරන්න යන්නෙත් නැහැ. කිසිම නිලධාරියෙක් කප්පම් ගන්න පගා ගන්න යන්නෙත් නැහැ. රට කෙලින් දුවනවා. ඒ කෙලින් දුවන විශ්වාසය ඇති කරන එක තමයි අපි එක්සත් ජනරජ පෙරමුණෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි බදු වෙනුවෙන් විතරක් නෙවෙයි අනිකුත් සියලුම කාරණා වෙනුවෙන් දත්ත වේදිකාවක් අපි ගේනවා. තනි අංකයකට සියලුම දත්ත, රෝහලට අවශ්‍ය කරන දත්ත, ලේ වර්ගය වෙන්න පුළුවන්, ලෙඩ රෝග වෙන්න පුළුවන්, රෝහලට අවශ්‍ය කරන දත්ත. පාසලට, විශ්ව විද්‍යාලයට අවශ්‍ය කරන දත්ත ඒවා වෙනමයි. බදු ආයතන වලට අවශ්‍ය කරන දත්ත වෙනමයි, ගොවියට පොහොර ලැබුණද, අස්වැන්න කොහොමද කියන දත්ත වෙනමයි. ඒ වගේම දුප්පතාගේ අස්වැසුම ලැබුණද, සමෘද්ධිය ලැබුණද කියන දත්ත වෙනමයි. මේ සියලුම දත්ත තනි වේදිකාවකට අපි අවුරුද්දක් ඇතුළත මේ රටේ ගේනවා.

අන්න ඒ ආකාරයට අපි මේ රටේ පාලනය විධිමත් කරනවා. මතක තියාගන්න ඔය ස්ටිකර් කෙරුවාව දෙදාස් දහඅටේ ඉඳන් තිබුණා. ඔය දත්ත වේදිකාව පිළිබඳ අදහස දෙදාස් දාසයේ ඉඳන් තිබුණා. හැබැයි කාටවත් මේක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. එහෙනම් අපි කොහොමද කරන්නේ? අපි පෙන්නලා තියෙනවා දැනටමත් පාර්ලිමේන්තු කමිටුව හරහා අපිට කරන්න පුළුවන් කියලා. මේ රටේ ඒ වගේම නොවිසඳිච්ච ප්‍රශ්න අපි විසඳලා තියෙනවා. ජනාධිපති හතර දෙනෙකුට කරන්න බැරි වෙච්ච කොළඹ කැලිකසල ප්‍රශ්නයත් විසඳලා තියෙනවා. ඒ වගේම ජල ගැලුම් කළමනාකරණය අවුරුදු හතළිහක් තිබුණා කොළඹ. අද එක ගංවතුරකට කොළඹ යට වෙන් නෑ. පිටාර වැස්ස විතරයි තියෙන්නේ. අපි ප්‍රශ්න විසඳලා දීලා තිබුණා. අවාසනාවකට අර වැඩ කරන විරුවව පත් කරන්න අපේ උමතුවක් හැදුන් නැත්නම් මේ කුරුණෑගලත් දෙදාස් විසිපහ වෙනකොට මහා නගරයක් වෙනවා මිත්‍රවරුනි.

රනිල් මහත්තයා අමුතු යමක් කළේ නෑ. එතුමා කළේ දේශීය රුපියල් ණය මේ අවුරුද්ද ලබන අවුරුද්දේ ගෙවන්න තියෙන ණය ටික දැම්මා 2028 ට. 2027 දි එකපාර ගෙවන්න වෙනවා මේ ණය. එදා බලයේ ඉන්න ආණ්ඩුවට ගෙවා ගන්න බැරි වුණොත් ඒ ආණ්ඩුව බංකොලොත් වෙනවා. ආයෙම අර අප්‍රේල් දොළොස් වෙනිදා වගේ බංකොලොත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න අවුරුදු තුනයි අපිට තියෙන්නේ. මේ පළවෙනි අවුරුද්ද දෙදාස් විසි හතර අවුරුද්ද. මේ ගැන ජනතාව දැනුවත් කරලා ජනතාවගේ වරම දිනා ගන්න අවුරුද්ද. ඊළඟ අවුරුදු තුනේ මේ රට ණය ගෙවන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් බවට පත් කරගන්නා  අවුරුදු තුනක් විය යුතුයි. අන්න ඒ වැඩපිළිවෙළ තමයි අපි හදලා තියෙන්නේ.

විදේශ ණය සම්බන්ධයෙන් තාම ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා එකඟතාවයක් හදාගන්න. චීනෙත් එක්ක එකඟ වුණා කියනවා අහවල් තැන එකඟ වුණා කියනවා. නමුත් තාම එකඟතාවයක් ඇතිවෙලා නෑ. මතක තියාගන්න ඒ එකඟතාවයක් ඇතිවුනොත් අපට වෙනවා ණය ගෙවන්න පටන් ගන්න. ඒ අනුව මේ සීමා සහිත අද අපේ තියෙන සංචිත ප් රමාණය නැවත දියවෙන්න පටන් ගන්නවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපිට එකඟතාවයක් ඇති කරගන්න බැරි වුණොත් අපේ ණය හිමියොත් එක්ක අපටත් අර සැම්බියාව ගාන ආවා වගේ අඳුරු අගාධයකට ලෙබනනය ග් රීසිය ගිය පාරට යන්න වෙනවා ලබන අවුරුද්දේ ඉඳන්. ඒක නිසා ගෙදර ගියොත් අගුණ සීය මග හිටියොත් තෝ නසීය වගේ වැඩක් තමයි තියෙන්නේ. ණය ගෙව්වේ ගෙවන්න ලෑස්ති වුණත් අමාරුවේ වැටෙනවා. ණය ගෙවන්න ගෙවීමේ එකඟතාවයක් හදාගන්න බැරි වුණත් අමාරුයි වැඩේ. මේ තත්වේ තමයි අපේ රට ඉදිරියේ තියෙන්නේ. හැබැයි මේ බැරෑරුම් තත්වය ගැන හිතන් නැතුව ලෝක බැංකුව අපිට අච්චර ආධාර කරනවා. ආසියානු සංවර්ධන බැංකුව මෙහෙම උදා කරනවා. ඇමරිකාව අපිට මෙහෙම කියනවා. ඉන්දියාව මෙහෙම චීනයෙන් සුබපැතුම් එනවා කිය කිය අපි ඉස්සරහට යනවා. තාම එවැනි එකඟතාවයක් නෑ.
ඒ වගේම අපි කතා නොකරන ඛේදවාචකය සමාජය කොච්චර ණය වෙලා තියනවද? මිනිස්සු බැංකුවලට කොච්චර ණය වෙලා තියනවද? තමන්ගේ රත්තරන් බඩු කොච්චර උකස් කරලා තියනවද? දරුවෝ පිටරට යවන්න දේපල කොච්චර විකුණලා තියෙනවද? බලන්න මේ සමාජයත් කෝටි ප් රකෝටි ගානින් මේ කාලේ ණය වෙලා තියනවා. මේ අවුරුද්දකට ආසන්න කාලයකට වැඩි කාලයක් මිනිස්සු තමන් ඉතුරු කරගෙන තිබිච්ච චූටි චූටි දේවල්, රත්තරන් බඩු ටික, දේපල ටික විකුණ විකුණ තමයි මේ ගමන ආවේ. දැන් ඒ ගමන තවදුරටත් යන්න බැරි තත්වෙට රාජ්‍ය සේවකයා පුද්ගලික අංශයේ සේවකයා රැකියා විරහිත පුද්ගලයා, ගොවියා, මේ හැම කෙනාම අද පත්වෙලා හමාරයි. ඒ නිසා මේ දැවැන්ත සමාජ ණය පිළිබඳ බර පිළිබඳ ප්‍රශ්නය අද මේ සමාජයේ හිස මත කඩා වැටිලා තියෙනවා. ඒකට විසඳුමක් රටට අවශ්‍යයි.
මහ බැංකු අධිපතිතුමාට සම්මානයකුත් ලැබුණා මේ ගැන. මොකක්ද? රටේ උද්ධමනය අඩු කළා කියලා. උද්ධමනය කියන්නේ මොකක්ද? බඩු මිල වැඩිවීමේ සීඝ්‍රතාවය. මේ ගැන හොඳ උත්තරයක් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිතුමෙක් දීලා තියෙනවා විජයවර්ධන මහත්තයා. එතුමා පෙන්නලා දීලා තියෙනවා. 2021 ජනවාරි මාසෙදි හතර දෙනෙක්ගෙන් යුතු පවුලක් නඩත්තු වෙන්න අවශ්‍ය වුණේ රුපියල් 5728 යි හතර දෙනෙක්ගෙන් යුතු පවුලක් නඩත්තු වෙන්නේ. දැන් කීයද? 2023 සැප්තැම්බර් මාසෙදී මේක 103231 යි. 103% කින් අද වැඩිවෙලා තියෙනවා. හතර දෙනෙක්ගෙන් යුතු පවුලකට අවම ජීවිතය ගෙනියන්න රුපියල් ලක්ෂයක් ඕනේ මාසෙකට. ඕක තමයි එතුමා කියන්නේ. එහෙමනම් මේ බඩු මිල වැඩිවීමේ සීඝ්‍රතවය නම් අනේ දශම අටයි එකයි කියලා අඩුවෙලා තියෙනවා. හැබැයි බඩු මිල අඩු වෙලා නෑ. රුපියල් අසූවට තිබිච්ච පාන්පිටි කිලෝ හැත්තෑ පහට තිබිච්ච හාල් සේරුව නේද? මේවා ඔක්කොම අද රුපියල් දෙසීයේ සීමාවට ගිහිල්ලා තියෙනවා. බඩු මිල අඩුවෙලා නෑ. ඇයි?

මෙතන තියෙනවා පාරිභෝගික අධිකාරිය කියලා දෙයක්. මේ රට මංකොල්ල කන්න ඒ පාරිභෝගික අධිකාරියත් සෑහෙන දුරකට දායක වෙලා තියෙනවා. නිකන් බොරු කයිවාරු ගැහුවා. මේ රටේ බිත්තර ඒකාධිකාරයක් තියෙනවා. කණ්ඩායම් පහක. මේ කුරුණෑගල තමයි තියෙන්නේ. රුපියල් හැට පහට බිත්තරේ ගෙනිච්චා. හැබැයි අපි පාර්ලිමේන්තුවේ ඕක හතළිස් පහයි කියලා. අන්න පහළට ආවා. ඇයි? පාරිභෝගික අධිකාරිය කරන්න ගිය දෙයක් අපි පෙන්නලා දුන්නා. සිමෙන්ති වික්කේ රුපියල් දෙදාස් හත්සීයට. අපි පෙන්නලා දුන්නා සිමෙන්ති කොට්ටේ වෙන්නේ රුපියල් එක්දාස් නමසීයයි කියලා. අන්න ගෙනාවා පහළ. අද මේ රටට අවශ්‍යයි ස්වාධීන ශක්තිමත් පාරිභෝගිකයෝ රකින පාරිභෝගික අධිකාරිය. මේවායින් අවසානයේ ගොවියට වාසියක් වෙන්නෙත් නෑ. මේවෑන් අවසානයේ මේ රටේ ආර්ථිකයට වාසියක් වෙන්නෙත් නෑ. මේවායින් අවසානයේ පාරිභෝගිකයාට වාසියක් වෙන්නෙත් නෑ. නිශ්චිත වැඩපිළිවෙළක්, වැඩසටහනක් එක්ක යන නිදහස් පාරිභෝගික අධිකාරියක් අවශ්‍යයි මේ රටේ මේ බඩු මිල පාලනය කරන්න. ඒ වගේම අපි අපේ නිෂ්පාදනය වැඩි කරගන් නැතුව කවමදාකවත් මේ බඩු මිල අපිට දීප ව්‍යාප්තව අඩු කරගන්න බෑ. දැන් වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මිනිස්සු ණයට කනවා. මිනිස්සු ඉතුරු කරගන්න තියෙන දේවල් වලින් කනවා. මිනිස්සු තමන්ගේ කප්පාදුවක් කරගෙන ඉන්නේ.

අද විදුලිය 20%කින් පාවිච්චිය අඩුයි. අපේ අර ආර්ථික මහාචාර්ය කෙනෙක් කියලා ඉන්න මහාචාර්යවරයෙක් කියලා තියෙනවා නිවාගන්නලු එතකොට විදුලි බිල් ගෙවන එකේ ප්‍රශ්නයක් නෑ. නිවාගන්න. අද තෙල් 40%කින් අඩුයි පාවිච්චිය ගෑස් 60%කින් අඩුයි පාවිච්චිය දෙවේල කාපු මිනිස්සු අද තනි වේලට තුන්වේල කාපු මිනිස්සු අද දෙවේලට වැටිලා තියෙනවා වැඩිය ඕන්නෑ දාන මාන ප්‍රශ්න නිසා මේ සිංහල බෞද්ධ නායකයා ගිහිල්ලා උඩ දාගෙන ගිය මිනිහව බලයට ගෙන ඒමේ ප්‍රතිඵලයක් හැටියට ගිය අවුරුද්දේ විතරක් 1890 ක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිවුරු ඇර දාලා ගිහින් තියෙනවා. බෞද්ධ භික්ෂුවට අද ගෙදර යන්න වෙලා තියෙනවා සිංහල බෞද්ධ නායකයෙක් කියලා තක්කඩි පවුලක් ගෙනල්ලා රජ කිරීමේ ප්‍රතිවිපාකය හැටියට.

මේ රටේ ජල විදුලිය ඇති කරන්න ගිය වෙලාවේ ජෝන් කොතලාවල ඒ ජල විදුලි බලාගාරය විජේසුන්දර විමලසුරේන්ද්‍ර මහත්තයාගේ හදන්න බැරි වුණා. ඒ වෙලාවේ ලක්ෂපාන ජල විදුලි බලාගාරය සමනල දෙවියන්ට සමන් දෙවියන්ට පූජා කරලා තමයි ජල විදුලි බලාගාරය හැදුවේ. දැන් අද සමන් දෙයියන්ගේ අඩවියටත් ගන්න බැරි තත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ සිංහල බෞද්ධ නායකයෙක් ගෙනල්ලා උඩ දාගෙන ගෙනල්ලා කරගත්ත දේ. නේද? මිහින්තලේට කැපුවා. එතකොට අපේ ආරණ්‍ය සේනාසන වලට කපාගෙන යනවා විදුලිය. පන්සල්වල විදුලිය කපාගෙන යනවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. මේවා ගෙවන්න ක්‍රමයක් නෑ මේ රටේ මහජනයාට. මිත් රවරුනි, මේ ආයතන කරන්න බැරි ආයතන නෙමෙයි.
මහින්ද රාජපක්ෂ එදා කිව්වේ කොහොමද? 2014. ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩියි. තෙල් සංස්ථාව පාඩුයි. ලෝක වෙළඳපොලේ අඩු වෙච්ච දවසට අඩුවෙන් දෙන්නම් කියලනේ කිව්වේ. එතුමා බලයෙන් පහ උනා විතරයි තෙල් සංස්ථාව මගේ අතට ආවා. අපි ඉතාමත්ම මනා කාර්ය මණ්ඩලයක් මොකද අපි කලේ? රුපියල් 157 ට මහින්ද රාජපක්ෂ විකුණපු තෙල්. ඒ කියන්නේ පෙට්‍රල් අනු දෙක, අපි එකසිය දාහතට දුන් නැද්ද? එකසිය තිස් හතරට මහින්දලා, ගෝඨාභයලා විකුණපු ඩීසල් රුපියල් අනූ පහට දුන් නැද්ද? දීලා තෙල් සංස්ථාව ලාභ කරලා ගෙනිච්චේ නැද්ද? තෙල් පෝලිම් තිබුනද ගම්මන්පිල මහත්තයාගේ කාලේ වගේ. ඩොලර් හිඟයි කියලා තිබුණද? පෝලිම්වල මිනිස්සු මලාද? නෑ. රට ශක්තිමත්ව ඉදිරියට ගියා විතරක් නෙවෙයි, අලුතෙන් වාහන ඇවිල්ලා, රටේ මහා ප්‍රබෝධයක් ඇති වුණා. ඒ මොකද? අපි ඒවා ප්‍රායෝගිකව කරලා පෙන්නපු නිසා. විදුලිය තුන් ගුණයකින් ඉහළ යවලත් තාම පාඩුයි. අපි විදුලිබල මණ්ඩලය ගන්න වෙලාවේ මම මට තාම මතකයි ජනවාරි පහළොස් වෙනිදා මං විදුලිබල මණ්ඩලයට ගියේ. අපේ ඔය රට හදන්න කතා කරන රතු සහෝදරවරු ටිකට් එකකුත් කළා. මට විරුද්ධව විදුලිබල මණ්ඩලය ඇතුලේ. මං ගණන් ගත්තේ නෑ. කෝටි හාරදාස් පන්සීයක් ඒ අවුරුද්දේ පාඩුයි කියලා කිව්වා ලංකා විදුලිබල මණ්ඩලය. අපි දන්නවා ඒක කරන හැටි. අපි මොකද කළේ? විදුලි බිල අඩු කරා. සීයට පහළවකින් ගාස්තු අයින් කරලා. ඒ විතරක් නෙමෙයි. ඒ අවුරුද්දේ කෝටි හාරදාස් පන්සීයක පාඩු වෙන්න ගිය ලංකා විදුලිබල මණ්ඩලය කෝටි දෙදහක ලාභෙකට අපි ගෙනිච්චා. තඹයක් වැඩි කරලා නෙමෙයි. මොකද මේ ආයතන කරන ක්‍රමයක් තියෙනවා මිත් රවරුනි. මේ ආයතන ගෙනියන විධි ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ විද්‍යාත්මක පරිපාලනය.

අපි කියන්නේ මොනවත් අවිශ්වාස කරන්න එපා. අපේ අතීත ක්‍රියාවලිය බලන්න. මගේ විතරක් නෙවෙයි ඔය කතා පවත්වන සියලු දෙනාගේම අතීත අමාත්‍යාංශ කෙරුවාව දිහා බලන්න. ඒගොල්ලෝ කොහොමද ඒ අමාත්‍යාංශ කරලා තියෙන්නේ කියලා බලන්න. ඒගොල්ලෝ ඒ අමාත්‍යාංශ දියුණුවෙන් දියුණුවට පත් කළාද කියලා බලන්න. පාඩු ලබපු ආයතන ලාභ කළාද කියලා බලන්න. ජනතාවට තිබිච්ච බර අඩු කලාද කියලා බලන්න. අන්න එහෙම කළමනාකාරිත්වය, හැකියාව තියෙනවා නම්, අන්න ඒ අය කියන ඒවා පිළිගන්නෑ. එහෙම නැත්නම් පිළිගන්න, හදන්න එපා.

ඊළඟ මේ අයවැයෙන් දැන් උද්ඝෝෂණ පටන් අරන් තියෙනවා පඩි වැඩි කරන්න. ඊළඟට ආයෝජන එනවයි කිව්වා. මම හිතන්නෑ ආණ්ඩුවට එහෙම ලොකුවට පඩි වැඩි කරන්න පුළුවන් කියලා. මොකද මහ බැංකුවේ නව පනත අනුව දැන් ඉස්සර වගේ සල්ලි අච්චු ගහන්නත් බෑ. ඒ වගේම ආණ්ඩුවට මූල් ය අරමුදලේ ඒ නියෝග මත ඕන නැති වියදම් කරන්නත් බෑ. ඒ අනුව මම ලේසියෙන් පඩි වැඩි කරන්න පුළුවන් කියලා. පඩි වැඩි කරනවා නම් මේ මූල් ය අරමුදලේ ගිවිසුමෙන් ආණ්ඩුව ඉවත් වෙන්න ඕනේ. ඒ ගිවිසුමෙන් ඉවත් උනහම නැතිවෙන්න තියෙන දේවල් ප්‍රමාණය ඉතා විශාලයි. එහෙම පඩි වැඩි කරන සූත්‍රයක් රනිල් වික් රමසිංහ මහත්තයාට නෑ. හැබැයි අපිට තියෙනවා. කොහොමද? අපි මේ රටේ සියයට පහළොවක් ආදායම එකතු වෙලා නෑ. ඒ සියයට පහළොව එකතු කරන ක්‍රමය අපි දන්නවා. ඒ පහළොව එකතු කරගත්තොත්, රාජ්‍ය සේවකයන්ට පුද්ගලික අංශයේ සියලු දෙනාටම, පඩි වැඩි කරන්න පුළුවන්.
නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයට නාමල් රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට ඒක කරන්න බෑ. නාමල් මහත්තයා මතක් කරනකොට කිව්වේ එතුමා කියලා තියෙනවා මේ එතුමලට සලකන්නෑ සීයක් ඉන්නවා. ඇමතිකම් දෙන්නේ නෑ. ආණ්ඩුවෙන් අයින් වෙන්න ඕන වගේ කතාවක් නේද? කියලා තියෙනවා. එතුමාට කියලා තියෙනවා අපේ තවත් හිටපු ඇමති කෙනෙක් පුළුවන් නම් අයින් වෙලා බලන්න කියලා. පුළුවන්නම් ඡන්දේ දෙන්න කියලා විරුද්ධව. චණ්ඩිකතා කියන්නේ නැතුව. සිංහයා, පොඩි සිංහයා, එහෙම කිය කියනේ ඉන්නේ. සිංහයාටයි පොඩි සිංහයටයි තමන් ගෙනාපු දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ලොකු විරුද්ධවාදීයෝ දැන් ඒගොල්ලෝ වෙන්න යන්නේ අයින් වෙන්නෑ ආණ්ඩුව. ඒ ගැන කලබල වෙන්න එපා. මහින්ද මහත්තයා දන්නවා. මම කියනවා බැසිල් මහත්තයාට. මම කියනවා නාමල් මහත්තයට. පහුගිය මාස දෙකේ කෝටි ගාණක් වියදම් කරලා රට පුරාම ගත්තනේ සංගණනයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය කීයද කියලා කියන්නකෝ. රටේ ප්‍රතිශතය කියන්නකෝ. සීයට හතට වැඩි එක දිස්ත්‍රික්කයක් කියන්නකෝ හම්බන්තොටත් ඇතුළත්ව. නැහැ. ඒක නිසා ඒගොල්ලෝ දන්නවා අනේ ඡන්ද නම් වානා කියලා ඒගොල්ලෝ දන්නවා. ඒක නිසා ඕවා නිකන් බොරු කතා ඕවට අපි රැවටෙන්නවත් පසුපසින්නවත් ඕන නැහැ.

හැබැයි එකක් මතක තියාගන්න මිත්‍රවරුනි ඔය රාජපක්ෂවරුන්ට අපි ඒ ජනතාව එදා අහුවෙලා ඒ ගෙනිච්ච මාධ්‍යයට යුද්ධයට අහුවෙලා ඒ කූට නාටකයකට අහුවෙලා ගිය ගමන නිසා මේ වෙනකොට මේ 2020 අගෝස්තු මාසේ ඉඳන් මේ අද ඔක්තෝබර් වෙනකොට රටේ ආර්ථිකයට වෙලා තියෙන හානිය නිසා සෑම පුද්ගලයෙකුටම රුපියල් 175000ක් අහිමි වෙලා තියෙනවා ආදායමෙන්. ඒ වගේම තව අවුරුදු ගාණක් මේ අර්බුදය යනවා. 2032 වෙනකොට 350000 ක් අපට ආදායම අහිමි වෙනවා මතක තියාගන්න. ඒ නිසා එදා ගහපු කතිරෙ උඩ දාගෙන පොහොට්ටුවට මතක තියාගන්න විදුලි බිලට හැම අවුරුද්දෙම රුපියල් 13000 ක් මේ ඡන්දය දීම නිසා වැඩියෙන් ඔබ ගෙවනවා. සෑම පෙට්‍රල් ලීටරයකටම, ඩීසල් ලීටරයකටම රුපියල් 120 ක අමතර බද්දක් ගෙවනවා.

අපි අපේ දූ දරුවන්ටත් කියලා දෙන්න ඕනේ මේ තනි පවුලක සාපයෙන් අපේ රටට වෙච්ච දේ. දැන් ඒක අපි දිගින් දිගට කතා කරලා වැඩක් නෑ. රට ගොඩනගන්න නම් මේ පවුල් බලය, පවුල් වාදය වෙනුවට මේ රටේ සාමාන්‍ය ජනතාව තුළින් මතු වෙච්ච හැකියා පූර්ණ පරපුරක් ඉන්නවා මේ රටේ. හැකියා පූර්ණ පන්තියක් ඉන්නවා. හැකියා පූර්ණ වෘත්තීයවේදීන් පිරිසක් ඉන්නවා. හැකියා පූර්ණ වැඩ කරන ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ ජනතාව අතට බලය ගන්න ඕනේ. ඒක තමයි අපි කිව්වේ නව ජනරජවාදයක් මේ රටට අවශ්‍යයි මේ රට මේ අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා.

අවුරුදු තුනකින් රට ගොඩනගන වැඩපිළිවෙලේ අපේ ප්‍රධානම ක්ෂේත්‍රයක් වෙන්නේ අපේ සෞඛ්‍ය. අපේ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහත්මයා ප්‍රමුඛ ස්වාධීන වෘත්තීයවේදී වෛද්‍ය විශේෂඥවරු විශාල පිරිසක් අද මේ ගැන අපිත් එක්ක ඒ කරුණු කරගෙන යනවා. මේ රටට අත්‍යවශ්‍යම ඖෂධ ප්‍රමාණය මොනවද? රටේ නිපදවන්න ඕන ඖෂධ මොනවාද? රටට ගෙන්නන්න ඕන නැති ඖෂධ මොනවාද? කවුද ඒවා තීරණය කරන්නේ? කොහොමද ඒ ක්‍රියාමාර්ගය ගන්නේ කියලා අපි වැඩසටහනක් හදාගෙන යනවා. ඒ වගේම මේ රට දාලා යන වෛද්‍යවරුන්ට යළි විශ්වාසය ලබා දෙන්නේ කොහොමද? හෙද හෙදියන්ට යළි විශ්වාසය ලබා දෙන්නේ කොහොමද? වෛද්‍ය උපකරණ නඩත්තු කරන්නේ කොහොමද? කියන එක ගැන අපි මේ ගැන අද වැඩසටහනක් හදාගෙන යනවා. අපි ඒ වැදගත් වෛද්‍යවරු, ඒ මහාචාර්ය ආචාර්ය පිරිසත් එක්ක, පොදු වැඩපිළිවෙලක් රටට යෝජනා කරනවා.

අනික අපේ අධ්‍යාපනය. අද දරුවෝ උදේට කාලා ඉස්කෝලෙට එන්නෑ. ලක්ෂ හයක් ඒ විදිහට එන්නෑ. ලක්ෂ විසි එකකට අද අපේ දරුවන්ට අපේ හතළිස් තුන් ලක්ෂයක් දරුවන්ගෙන් ලක්ෂ විසි එකකට හරි ආහාරයක් නෑ. මම නෙමෙයි කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල කියන්නේ. සෑම දහ දෙනාගෙන්ම හය දෙනෙක් එක්කෝ බඩගින්නේ. එක්කෝ සෞඛ්‍ය නැතුව, එක්කෝ ආදායම් අහිමි වෙලා. අද දහතුනට පත්වෙලා ඉන්නවා කියලා. එහෙම නම්, ඒ දරුවෝ බේරගන්නේ නැතුව, මේ නිදහස් අධ් යාපනය අද අපිට අහිමි වෙලා තියෙන, මේ දරු පරපුර බේරගන්න නැතුව, අපිට ගමනක් නෑ. අන්න ඒ නිසා, ඒ අධ්‍යාපන විශේෂඥයෝ පිරිසක් අපිට ඉන්නවා අපේ මහාචාර්ය රෝහණ වගේ. ඒ විශේෂ පිරිසත් එක්ක මේ රටේ අධ්‍යාපනය ඒ ඉදිරි පිම්ම ලබා ගන්නේ කොහොමද? මේ රටට අවශ්‍ය කරන අලුත් ඩොලර් ගේන මග හදන්නේ කොහොමද අපේ දරුවොත් එක්ක මේ දරුවන්ගේ පළවෙනි ප්‍රශ්නෙ බඩට බත් ටික දෙන්නේ කොහොමද කියන එකයි අපි බලන්නේ. දැන් සමහරු හදනවා. සමහරු බෙදන්න යනවා. වලට කලින් දැන් ඕනේ මොනවද? බඩට බත්. බඩට බත් ළමයි එස්. එම්. බී. එකේ අද කලන්තේ දාලා වැටෙනවා නම් අම්මලට මේ දරුවන්ගේ පොත්පත් ටික අරන් දෙන්න, කවකටු පෙට්ටි අරන් දෙන්න බැරිනම් අම්මලට මේ දරුවන්ගේ ප් රවාහන ගාස්තුව ගෙවන්න බැරිනම් මොන ටැබ් ද? මුලින් අපි මේ දරුවන්ගේ මේ ජනතාවගේ මේ ප්‍රශ්නය විසඳලා දරුවන් ඊළඟ පියවරට ගෙනියන යුගයට රට ගොඩනගන්න ඕන.

ඊළඟට අපේ ආහාර ප්‍රශ්නය. අපේ කෘෂි විශේෂඥයෝ ඉන්නවා. ඒ වගේම පෝෂණ විශේෂඥයෝ ඉන්නවා. මේ රටේ වැඩි කරන්න ඕනේ. ඒකට අපේ මහාචාර්යතුමා කිව්වා වගේ ජල ප්‍රශ්නය විසඳන්න ඕනේ. මහින්ද රාජපක්ෂ පාලනය අධිවේගී මාර්ග වලට වියදම් කරපු ධනයෙන් දහයෙන් එකක්. දහයෙන් එකක් කැළණි ගඟේ ජලය කුරුණෑගලට ගේන්න වැය කළා නම්, කළු ගඟේ ජලය තමන්ගේ දිස්ත්‍රික්කය වෙච්ච හම්බන්තොටට මොණරාගලට ගෙනියන්න වැඩපිළිවෙළ හැදුවා නම් අද මේ රටේ ආහාර ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ජාවාරම් කරනවා මිසක් එවැනි දෑ එකක්වත් කළේ නෑ. අපේ ප්‍රමුඛතාවය ජලය. එක පැත්තක ජලය අපතේ යනවා. තව පැත්තක ජලය නැතුව පීඩා විඳිනවා. අලි ගම් වදිනවා. ජනතාවට තමන්ගේ ආහාර ටික ගෙනියන්න විදිහක් නෑ. අපි අඳුරගෙන තියෙනවා  ප්‍රශ්න ගණනාවක්. එක අපේ අස්වැන්නෙන් සීයට හතළිහක් විනාශ වෙනවා. කොහොමද අපි පසු අස්වනු තාක්ෂණය හදන්නේ කියලා. ඒ වගේම අපේ ඒ ඒ හරහා ගොඩනගන්න පුළුවන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මොනවද කියන එක අපි පසු අස්වනු. ඊළඟට අපි යෝජනා කරනවා ඵලදායිතාවය වැඩි කරන්න. මේ පොල් සංවර්ධනය ගැන කියන පොල් ත්‍රිකෝණයෙන්. හැබැයි එක්දාස් නමසිය අනූවෙත් පොල් ගහකින් ගෙඩි පනහයි. අදත් පොල් ගහකින් ගෙඩි පනහයි. පොල් සංවර්ධනයට ආයතන තුනයි. අපේ අල්ලපු රටේ කේරලයේ පොල් ගහකින් ගෙඩි එකසිය පනහයි. කොහොමද ඒ පොල් ගහකින් ගෙඩි එකසිය පනහ ආවේ? මොකක්ද ඒ අලුත් කර්මාන්තේ? කොහොමද ඒක කරන්නේ? අර දුප්පත්යාවේ අපේ කුඹුරු අක්කරයක ලැබෙන වී අස්වැන්න වගේ දෙගුණයක අස්වැන්නක් ලැබෙනවා. කොහොමද ඒක කළේ? මොකක්ද අපි ඒකට ඵලදායිතාවය වැඩි නොකරන්න ඉදිරි අවුරුදු තුනක් ඇතුළත වැඩ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි යෝජනා කළා, අපි කරන්න ගියා. අපි මැනිං එකක් හැදුවා. අක්කර දෙකහමාරක මුඩුක්කුවක තිබිච්ච එක වෙනුවට, අක්කර විසි පහක, තඹුත්තේගම, දඹුල්ල, නුවරඑළිය, වැලිමඩ සූරියවැව, ඇඹිලිපිටිය වව්නියාව මේ ඔක්කොම අපි ගේන්න හැදුවා ඩිජිටල් දත්ත පද්ධතියකට. කොටින්ම ගොවියාගේ එකට යන්න. අද අපි දැකලා තියෙනවා දඹුල්ලට එනවා අල ටික ගලවගෙන. ඉරුදෙනියාවෙන්. යනවා බෝංචි ටික කඩාගෙන. ගියහම කියනවා අද මෙච්චරයි බෝංචි කිලෝ. ඉතින් ආපහු හැරිලා එන්නද? නෑ. අවම අඩු ගාණට පටෝලා ගෙදර යනවා. ඒ වෙනුවට අද බෝංචි කිලෝව කීයද? අද අල කිලෝව කීයද? වට්ටක්කා කිලෝ මැනිං මාර්කට් එකේ කීයද? දඹුල්ලේ කීයද? එහෙම නැත්නම් තඹුත්තේගම කීයද? නුවරඑළියේ කීයද කියලා දත්ත වේදිකාවක් අපි හදන්න ගියා. අනේ අපේ මිනිස්සුන්ටත් ඕන වුණානේ වැඩකරන විරුවෙක් ගෙනල්ලා ඔරකල් කරන්න. නිකන් ගත්ත වේදිකාවක් නෙමෙයි. ඔරකල් වේදිකාවක් හදන්න ඕන වුණා. අන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒවා නැතිවුණා. නැත්නම් අද මේ ඉරුදෙනියාවේ ඉන්න ගොවියාට, එහෙමත් නැත්නම් මේ මේ කුරුණෑගල ඉන්න ගොවියට, අනුරාධපුරේ ගොවියාට, වව්නියාවේ ගොවියට, ගෙදර ඉඳන් බලාගන්න පුළුවන්, අද මම අල ගැලෙව්වොත් කොහොමද? අද කෝච්චි කැඩුවොත් කොහොමද? අද මම වට්ටක්කා නෙලුවනම් කොහොමද? අද මම බඩඉරිඟු කැපුවොත් මොකද මට ලැබෙන එක කියලා දැනගන්න පුළුවන්කම ලැබුණා. ඒ විදිහේ වැඩපිළිවෙළක් සැලසුමක් ඇතුව ගොවි දත්ත වේදිකා. මේවා ලොකු වැඩ නෙමෙයි මිත්‍රවරුනි අද ලංකාවේ.

අපි පැහැදිලිව සටන් කරන්න ඕන එකක් තියෙනවා. ඒක තමයි අඳුරු කළු ආර්ථිකයක් ගොඩ නැගෙනවා. අඳුරු කළු ආර්ථිකයක්. මේ පරණවිතාන මහත්තයයි, මායි මේ ලඟදි ගියා ඇහැළියගොඩ පන්සලකට. නායක හාමුදුරුවෝ කිව්වා, මහත්තයා බලන්නකෝ. අවිස්සාවේල්ලේ ඉඳන් ඇහැලියගොඩ. ස්පා දාලා තියෙනවා කියලා තිස් ගාණක්. කවුද මේවයේ ඉන්නේ? රැකියා අහිමි වෙච්ච, ගාමන්ට් වලට ගිය, අපේ අහිංසක කාන්තාවෝ තමයි අද අතන මාංශ විකුණන්නේ. මේ කාන්තා අයිතිය වෙනුවෙන්ම පෙනී ඉන්නවයි කියන, සමහරු ගිහිල්ලා ඒවා නීත්‍යානුකූල කරන්න ඕනෙයි කිය කිය උඩ පැන පැන කෑගහනවා. ඊළඟට, ඊළඟට මොකක්ද? දරුවෝ අතරේ, අද ලංකාවේ කොහේ ගියත් අපි ගියත්, අරලගංවිලට. අපි ගියත් සේරුවාවිලට. කොහේ ගියත් අද පාසල් දරුවෝ අතර මේ අයිස් මත්ද්‍රව්‍ය පැතිරිලා තියෙනවා. දරුවෝ දූෂණය කිරිල්ල ඉතාමත්ම භයානක තත්වයකට පත්වෙලා කියලා මං දැක්කා ඇමතිතුමිය කියලා තියෙනවා. කළු ආර්ථිකයක්, අඳුරු ආර්ථිකයක් ගොඩ නැගෙනවා. මේ අඳුරු ආර්ථිකය, කළු ආර්ථිකය ගොඩ නැගෙන කොට ඒ වෙනුවෙන් පෙනී ඉන්න පාදඩ දේශපාලන පන්තියකුත් නැගිටිනවා. ගංජා නීතිගත කරලා රට දියුණු කරන්න පුළුවන්. රාත්‍රී ආර්ථිකය පිළිවෙලක් කරලා මේ රට හදන්න පුළුවන්. මේ කාන්තාවෝ ටික නිකං ඉඳලා හරියන්නෑ. මේගොල්ලන්ගේ මාංසි තායිලන්තය හැදුනේ එහෙමයි. කිය කිය මේ රටේ අලුත් කළු ආර්ථිකයක් ගොඩනගන්න කතා කරනවා.

අපි මේ වෙනුවට අපේ කාන්තා පරපුර වේවා, අපේ දැරිවියන් වේවා, අපේ තරුණ දරුවෝ වේවා, මේ කළු අඳුරු ආර්ථිකයෙන් මුදාගෙන මේ රට රත්තරන්, ස්වර්ණමය පැත්තකට ගෙනියන වැඩපිළිවෙලක්, වැඩසටහනක් රටට හදාගන්න ඕන. ඒ සඳහා අර අධ්‍යාපනයේ කොටසක් හැටියට, අපි ඇති කළා තාක්ෂණ නගර. ඒ තාක්ෂණ නගර හෝමාගම ඇති කළේ ඇයි? ඒක ඇති කළේ විසි දාහක් අපේ දරුවන්ට අලුත් අවස්ථාවල් දෙන්න. තාක්ෂණ සේවා විකුණන ව්‍යාපෘතියක් බවට පත් කරන්න. මොකද කළේ වැඩ කරන විරුවා. වැලිකඩ හිරගෙදර විදේශ සමාගමකට විකුණලා ඒ ඉඩම වැලිකඩ හිරගෙදර ගෙනිච්චා එතනට. අන්න විරුවාගේ දේ. අද ඒක තිබුණ නම් විසිදාහක් එනවා. අපි මහනුවර ඒ වගේ එකක් ඇති කරන්න ගියා. කිලිනොච්චියේ ඇති කරන්න ගියා. මාතර ඇති කරන්න ගියා. අසූ දාහක් මේ දරුවෝ තාක්ෂණ සේවා සඳහා අද ආවා නම් වෙළඳපොළට ඩොලර් බිලියන පහ නව ආර්ථිකයක් ගොඩනැගෙනවා. මං දැක්කා ජනාධිපතිතුමා එතුමාගේ පක්ෂ සමුළුවේ කියනවා අපට බිලියන හතක ප්‍රශ්නයක් තිබුනේ කියලා. අපි කියනවා ඒ බිලියන හත මේ රටේ තරුණ පරපුර හරහා ඒ ඩිජිටල් සේවා විකුණලා ලබා ගන්න තිබුණා. ඒක අපට ඒ විදිහට ඉදිරියට ගෙනියන්න දුන්නා. අපිව බොහොම දුර දිග බලලා තමයි මිත්‍රවරුනි ඒවා කළේ.

නමුත් දැන් අපි ඒ අතීතයට කණගාටු වෙලා වැඩක් නෑ. අපි නව පරපුර එක්ක ඒ ගමන යන්න ඕන. කොහොමද මේ නව පරපුර විශ්වාස කරන්නේ. මේ ළමයි රටින් පනින යන්නේ. කොරියන් පන්ති වලට නේද යන්නේ? ජපන් පන්ති වලට නේද යන්නේ? මතක තියාගන්න, මේ රටේ අපේ තරුණ පරපුර අපිට හොඳ පාඩමක් උගන්නලා දුන්නා. හැත්තෑ එකේ, ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ලක් ගැහුවා. ඒ ධනපති ක්‍රමය පෙරලන්න, මැතිනිගේ ආණ්ඩුව පෙරළන්න. මැතිනිගේ ආණ්ඩුව පෙරළුන් නෑ. දොළොස් දාහක්. ඒ කැරැල්ලෙන් මිය ගියා. මේ ගම්වල උගත් තරුණ, තරුණියෝ. අපි දන්නවා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ, විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ ඉගෙනගත්ත දරුවෝ ඒවා හිර කඳවුරු බවට පරිවර්තනය වුණා. එච්චරයි වුණේ. ඊළඟට අසූ හත, අසූ නමය තව කැරැල්ලක් ගැහුවා. වඳුරු හමුදාව පන්නන්න, ආ ජයවර්ධන ජනාධිපතිව මරන්න ඔන්න ඔහොම කියලා. නේද? අන්තිමට ජයවර්ධන ජනාධිපතිතුමා නම් බොහොම සාමයෙන් මිය ගියා. හැබැයි හැට දාහකට වැඩිය අපේ තරුණ තරුණියෝ, මහපාරේ මැරුණා. උගත් තරුණ, තරුණියෝ, කඳවුරු වල දස වද දීලා අපේ පරම්පරාව නැති වෙලා ගියා. ආණ්ඩු පෙරළුණේ නෑ. ප්‍රභාකරන් නම් ඊට වඩා ටිකක් එහාට ගියා. ‍රාජ්‍ය නායකයෝ පවා ඝාතනය කළා. නමුත් අන්තිමට සහමුලින්ම වඳ වෙලා ගියා. රාජ්‍ය පෙරලන්න බැරි වුණා.

හැබැයි ගිය අවුරුද්දේ අපේ රටේ තරුණ තරුණියෝ මේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා තුන් ලක්ෂයක හමුදාවක රැකවරණ දාගෙන හිටපු ගෝඨාභය රාජපක්ෂව මාස හතරක අඛණ්ඩ අරගලයකින් පස්සේ ගෙදර ඇරියා. මහින්ද රාජපක්ෂව ගෙදරින් පන්නලා ජාතියේ අප්පච්චි කියලා වැඳගෙන හිටපු වයඹ හදවත කියපු මහින්ද ජාතියේ හදවත දුන් මහින්ද රාජපක්ෂට ත්‍රිකුණාමලයේ හැංගිලා ඉන්න වුණා. දැන් ඔය එළියට බැහැලා සිංහයයි, පොඩි සිංහයයි දැඟලුවට හැංගිලා ඉන්න සිද්ධ වුණා. කවුද ඒක කළේ? මේ රටේ තරුණ පරම්පරාව තමයි ස්මාර්ට් ෆෝන් එකෙන් ඒ විප්ලවය කළේ. ජනතා විමුක්ති පෙරමුණට ගල්කටස් වලින් හා ටී පනස්හයෙන් කරන්න බැරි වෙච්ච දේ කොටි සංවිධානයට කාලතුවක්කු වලින් හා මරාගෙන මැරෙන පිරිස් වලින් කරන්න බැරිවෙච්ච දේ. මේ රටේ තරුණ තරුණියෝ ස්මාර්ට් ෆෝන් එකෙන් කළා. නේද?

ඒ තරුණ තරුණියන්ට පුළුවන් ඒ එකෙන්ම මේ රට ගොඩගන්න සේවා පද්ධතියකින් ලෝකය ජය තැනට යන්න ඕන මිත්‍රවරුනි. අන්න ඒ පසුබිම, පදනම හදන්න තමයි, එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් වෙලා තියෙන්නේ.

ඒ වගේම, මේ රටේ ඉතාමත්ම තීරණාත්මක ප්‍රශ්නය තමයි, බලශක්ති ප්‍රශ්නය. මං කිව්වා, අපි කොහොමද ලංකා විදුලිබල මණ්ඩලය කළේ කියලා, තෙල් සංස්ථාව කළේ කියලා. අපි බොහොම පැහැදිලිව කියනවා, මේ රටේ අසාමාන්‍ය බල ශක්තියක් අපතේ යනවා. දිනපතාම අපේ දැවැන්ත සූර්ය බලශක්තියක් අපතේ යනවා. සුළං බල ශක්තියක් අපතේ යනවා. ඒ වගේම, මේ රටේ අපි ප්‍රයෝජනයට නොගෙන ගෑස් සම්පත අපතේ යනවා. අපි මෙන්න මේ පුනර්ජනනීය බලශක්ති හා ගෑස් සම්පත ඊළඟ අවුරුදු තුනේ මේ රටට ගෙනල්ලා මේ රට බල ශක්තියෙන් ස්වයංපෝෂිත කරගන්න හැකිතාක් දුරට හැකිතාක් දුරට ස්වයංපෝෂිත කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල වැඩසටහන හදනවා මිත්‍රවරුනි.

කොහොමද ඒ ගැන විශ්වාසයෙන් කියන්නේ? මොකද මම තමයි 2010 දී අපේ රටේ ව්‍යාපාරිකයො කීප දෙනෙක් එක්ක එක්කහු වෙලා මේ වහල උඩ සූර්යයා පැනලා දාලා පටන් ගත්තේ. අද හතළිස් පන්දාහක් ඉන්නවා. අද පුත්තලම බලාගාරයට සමාන විදුලියක් නිපදවනවා. ඒ වගේ තුන් ගුණයක විදුලියක් මේකෙන් නිපදවා ගන්න පුළුවන්. අපි තමයි එදා පළවෙනි වතාවට පුත්තලම් ප්‍රදේශයේ මෙගාවොට් සීයක සුළං බලාගාර ඇති කරේ. අද පුළුවන් මෙගාවොට් හාරදාහක් හදන්න. මොකද ලංකාවේ ඉල්ලුමම දෙදහස් පන්සීයයි. මේ රටට නෙමෙයි වෙන රටකට වුණත් යවන්න පුළුවන්. තරම් විදුලියක් ජනනය වෙනවා. ඒ වැඩපිළිවෙල වැඩසටහන හදනවා. හැබැයි ඒක තනි එක කොම්පැනියකට ටෙන්ඩර් කැඳවන්නේ නැතුව දීලා එහෙම රට ණයකාරයෝ මේකත් තරගකාරී ක්‍රමයකට ඒ විදුලි ප්‍රශ්නය විසඳන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුමක් අපි ගෙනාවා. මොකක්ද? පොදු ප්‍රවාහනය නංවන එක. හොඳ බස් සේවාවක් දෙන එක. හොඳ දුම්රිය සේවාවක් දෙන එක. සැහැල්ලු දුම්රිය පද්ධතිය අඳුන්වලා දෙන එක. අපි ඒ ඔක්කොම කරලා තිබුණේ. මතක තියාගන්න. ගොඩාක් කල් ඉඳන් කිව්වා විදුලි දුම්රිය ගැන. අපි වැඩපිළිවෙලක් හදලා තිබුණේ. මේ මේ දුම්රිය මාර්ගය ගෙනියන්න වේයන්ගොඩ ඉඳන්. විදුලි දුම්රියක් කරන්න දක්වා ඒ වගේම සැහැල්ලු දුම්රිය පද්ධති හතරක් අඳුන්වලා දෙන්න. නව බස් පන්දාහක් ගේන්න. අද මේ අපේ මොනවද තියෙන බස්. ජයවර්ධන ජනාධිපතිතුමා බලයට ආපු වෙලාවේ. මේ රටේ මොනවද තිබුණේ බස් පුද්ගලීකරණය කළහම. ටොයෝටා මිට්සුබිෂි රෝසා. ඉසුසුන්. අද මොනවද තියෙන්නේ? අද තියෙන්නේ ලොරි උඩ ගහපු. ලොරි බොඩි උඩ ගහපු. අශෝක් ලේලන්ඩ්. ඒ වෙනුවට අපි සැලසුම් කළා පහලින් තියෙන ලොකු එකක් තියෙන්නේ. ඒ එක ඇරෙන වැහෙන බස් පන්දාහක් ගෙනල්ලා. මනුස්සයෙකු යන්න පුළුවන්. කාන්තාවකට සාරියක් ඇඳගෙන යන්න පුළුවන්. කලිසමක් ඇඳගෙන යන්න පුළුවන්. මිනිහෙකුට යන්න පුළුවන්. බස් එකක් හදන්න. මේ ගමටත්, නගරයටත් ඒ පොදු ප්‍රවාහන වැඩපිළිවෙල අපි අතේ තියෙනවා මිත්‍රවරුනි. ඒක අපි අඩක් ක්‍රියාත්මක කළා.

අර මං කලින් කිව්වා වගේ අනේ මිනිස්සුන්ට ඕන වුණානේ ගර්භාෂ යුද්ධය පරද්දන්න. අනේ මිනිස්සුන්ට ඕන වුණානේ වඳ කොත්තු කෙරුවාව නවත්තන්න. අනේ මිනිස්සුන්ට ඕන වුණානේ රට රකින විරුවෙක් කියලා මෝඩයෙක් බලයට ගේන්න. ඒ සියල්ලේ ප්‍රතිඵල නිසා ඒවා අහිමි වුණා. නැත්නම් අපට ඒ විශිෂ්ට පොදු ප්‍රවාහන සේවාව ඇති කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ කුරුණෑගල නව නගරය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වුණේ ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට කුරුණෑගල පත් කරන්න. අධිවේගය, දුම්රිය මාර්ගය, බස් රථ සේවය සහ සියල්ල එකට එකතු කරපු දැවැන්ත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඇති කරන්න. මහනුවරත් අපි එකක් කරන්න ගියා. ඒකත් බාගෙට අද අතෑරලා තියෙනවා. හරිම කණගාටුයි ඒවා දැක්කහම.

මේ රටේ මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. මේ ප්‍රශ්න විසඳන්න නම් මේ රටට අලුත් දේශපාලන ව්‍යාපෘතියක් ඕනා. මොකද පැරණි දේශපාලනයට දැන් තවත් මේ රට දශමයක්වත් ඉදිරියට ගෙනියන්න බෑ. ආපස්සට රට යනවා. ඒ නිසා අලුත් දේශපාලනයක් ඕනි. අලුත් පිරිසක් ඉදිරිපත් වෙන්න ඕනේ. පරණ පවුල්වල පිරිස්ව මතම මේ රටේ දේශපාලනය ඉදිරියට ගෙනියන්න තවදුරටත් හැකියාවක් නෑ.

ඒක නිසා අපි ඔබෙන් ඉල්ලනවා මේ එක්සත් ජනරජ පෙරමුණ හදලා තියෙන්නේ. මේකේ කිසිම පවුල් වාදයක් නෑ. අපේ ප්‍රධාන තේමාවක් තමයි කුසලතා වාදය. වැඩ කරන්නේ කවුද? වැඩ කරලා ඉදිරියට එන්නේ ඕනේ කවුද? ඒ අයට තමන්ගේ පවුල, ජාතිය, ආගම, කුලය මත නෙවෙයි. හැකියාව මත මුල් තැන දෙන දේශපාලන ව්‍යාපාරයක් ජනරජ ව්‍යාපාරය.

මේ ආරාධනය අපේ මේ රටේ අවංක දේශපාලඥයෝ ඉන්නවා. අපි දන්නවා පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහම හොරු කිව්වට. මේ රටේ අවංක අතලොස්සකුත් ඉන්නවා. මේ රටේ අවංක නිලධාරි පැලැන්තියක් ඉන්නවා ජාවාරම්කාර නිලධාරීන් පිරිසකුත් ඉන්නවා. මේ රටේ වැඩක් කරන්න පුළුවන් හොඳ මාධ්‍යයක් තියෙනවා. හැබැයි ඒ වගේම දේශපාලකයන් එක්ක එකට යන, කළු සල්ලි හංගන මාධ්‍ය ව්‍යාපාරත් ඇති. ඒ සියල්ල වෙනුවට අපිට මේ රටේ වැදගත් මිනිස්සු සියලු දෙනාම එකතු වෙලා ගොඩනගන නව ජනරජ ව්‍යාපාරයක් අවශ්‍යයි. එතෙන්දි යල්පැනගිය පරණ ලිබරල්වාද යල්පැනගිය පරණ බෝල්සෙවික් වාද, ඒවට මේ රට හදන්න බෑ මිත්‍රවරුනි. නැවත වතාවක් මේ ව්‍යාජ රැළි නව මාවතකට එකතු වෙන්න. ඒ පණිවිඩය මේ දැවැන්ත දිස්ත්‍රික්කයේ; මේක තමයි තුන්වැනි තැනට විශාලම දිස්ත්‍රික්කය. දේශපාලන වශයෙනුත්, සමාජීය වශයෙනුත්, ආර්ථික වශයෙනුත්, කොළඹ ගම්පහට පස්සේ තියෙන විශාලම දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කයේ ඒ මතය සෑම අස්සක් මුල්ලක් නෑරම පතුරවලා මේ නව ජනරජවාදය ගැන, මේ ජනරජවාදයේ නායකයෝ බවට, ඔබේ දරුවන් පත්වෙන, ඒ නව යුගය ගැන, ඒ බලාපොරොත්තුවේ පණිවිඩය, රැගෙන යන්නැයි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”

Post a Comment

0 Comments