ඉලුමිනාටි (Illuminitai) කුමන්ත්‍රණයේ පලමු වටයේ ගොදුරු ඉම්රාන් ඛාන් හා ගෝඨාභය රාජපක්ෂද?

 


"අධිරාජ්‍යවාදය" යනු පැරණි වමේ යල්පැන ගිය දේශපාලන සංකල්පයක් බව, බොහෝ ලිබරල් විචාරකයන්ගේ අදහසයි. එහෙත් අධිරාජ්‍යවාදය අදටත් ක්‍රියාත්මකයි. අතීතයේ මෙන් ආක්‍රමණ හරහා, රටවල් අත්පත් කරගැනීම ආර්ථික වශයෙන් අවාසිදායක නිසා ඒ වෙනුවට ඇතැම් බලවත් රටවල් විසින් විකල්ප උපක්‍රම ක්‍රියාත්මක කරමින් සිටින බව කිව යුතුයි. 

මෑත අතීතයේදී යොදා ගත් උපක්‍රමය වන්නේ ලෝකයම තනි වෙළඳපොලක් බවට පත්කිරීම හෙවත් ගෝලීයකරණය (Globalization) වේ. මේ තුලින් ස්වයංපෝෂිත ආර්ථික බිහිවීම වැලකී, බලවත් රාජ්‍යයන්හි වෙළඳ, ණය හා ආධාර මත යැපෙන, යැපුම් රාජ්‍ය බිහිවීම සිදුවිය.

මෙම ගෝලීයකරණය උපක්‍රමයෙන් තවත් ඉදිරියට යමින් ලොව පුරා තිබෙන විවිධ ආගම්, දර්ශන හා සංස්කෘතීන් අවලංගු කර, ලොවම එකම දර්ශනයකට නැඹුරු කිරීම හෙවත් නව ලෝක රීතිය (New World Order)ට යොමුකිරීම සිදුවෙමින් පවතී. මෙහි පලමු පියවර ලෙස ආගමික අන්තවාදී නායකයන් සිටින රාජ්‍ය වල ආර්ථික අස්ථාවරත්වයන් ඇතිකර, අභ්‍යන්තර අර්බුධ තුලින් එකී රාජ්‍ය නායකයන් පලවා හැරීම ක්‍රියාත්මක කර ඇත. මේ කුමන්ත්‍රණයේ පලමු ගොදුරු වීමට සිදුවූයේ ඉම්රාන් ඛාන්ට හා ගෝඨාභය රාජපක්ෂටය.

ඇතිවූ ආර්ථික අස්ථාවරත්වය තුල, දින කිහිපයක් ඇතුලත එක් එක් ද්‍රිස්ත්‍රික් සඳහා හිමිකාරීත්වය අදටත් රහසක් වූ whatsapp සමූහ බිහි වීම, ඒ තුල ආර්ථික අපහසුකම් වලින් පෙළුණු ජනයා ඒකරාශී කිරීම, සහ එම අරගලය මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ වලට නොහැකිවීම, ගෝඨාභය විදේශ රටකට ගොස් ඉල්ලා අස්වීමේ ලිපියක් ලියා අදටත් නිහඬව සිටීම, ගෝඨාභයගෙන් පසු ජනබලය ශූන්‍ය රනිල් වික්‍රමසිංහ ව ජනපතිවීම යන සිද්ධි දාමය, අපක්ෂපාතීව අධ්‍යයනය කලොත් අපැහැදිලි තැන්, සැකසහිත තැන් එමටය.

මෙතැනින් කුමන්ත්‍රණය අවසන් නැත. ඉලුමිනාටි නියෝජිතයන් දේශපාලන, ව්‍යාපාරික හා මාධ්‍ය ක්ෂේත්‍ර වල ඉහල පුටුවල සිටියත්, සුක්කානම ලබාදුන්නේ නියෝජිතයන් විසින් නිර්දේශ කල තාවකාලික කොන්ත්‍රාත්කරුවෙක්ට වේ. මීලඟ මැතිවරණයේදී ඔවුන්ගේ නියෝජිතයා ඉදිරිපත් කර, ජයග්‍රහණය කරවා, කෙටි කලක් තුල බහු ආගමික හා බහු සංස්කෘතික ව්‍යුහය ක්‍රමානුකූලව අවලංගු කර, අවසානයේදී සියලු දෙනාට  සාතන්ව අදහන්නට යොමු කර හැක.


- යෙනුක සිසිල්චන්ද්‍ර

Post a Comment

0 Comments