VAT බද්ද ඉහළ දැමීම අනිවාර්යයෙන්ම ජනතාවගේ ජීවන වියදමට සහ උද්ධමනයට බලපානවා.. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පිළිගනී..



බදු ප්‍රතිපත්තිය යනු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ කොටසක්.ඒ අනුව රජය තීරණය කරළ තියෙනව රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා  VAT බද්ද 18%  කින් වැඩි කරන්න .මෙය අනිවාර්යයෙන්ම ජනතාවගේ ජීවන වියදම වැඩිවීමට සහ උද්ධමනය වැඩිවීමට බලපානව.එහිදි උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවේ වගකීමක් .උද්ධමනය 5%ක මට්ටමක පවත්වාගත යුතුයි කියා රජය දැනුම් දී තිබෙනවා.ඒත් ජනවාරි වන විට උද්ධමනය වැඩිවේවි.

රටේ වැඩිවන බඩු මිළට මුහුණ දීමට තිබෙන එකම ක්‍රමය නම් ජනතාවගේ ආදායම් මාර්ග වැඩිවෙන්න ඕන .මේ උද්ධමනයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නෙ රටේ නිෂ්පාදනය වැඩිවෙලා ආර්ථික වර්ධනය ක් ඇති ⁣වුනොත් පමණයි .ඒක එක සැරේට වෙන්නෙ නෑ .කෙටිකාලීනව එය අයහපත් ලෙස හැමෝටම බලපානව .රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට හා සමෘද්ධි කට්ටියට සහනයක් දීල තියෙනව.අනික් අයට ආර්ථික වර්ධනයක් එනතුරු ඉන්න වෙනව.

   රටේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව  රජයන් ඔරොත්තු නොදෙන ප්‍රමාණයට ණය ගැනීමයි.ආදායම් නැත්නම් ණය ගන්න  වෙනව.කවුරු හරි කියනව නම් බදු ගහන්න එපා කියල එහෙනම් ණය තව ගන්න වෙනව.ණය බර වැඩිකිරීම නෙමේ විසඳුම .ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රජයට බදු ගහන්න වෙනව.අලුත් මුදල්  පනත අනුව භාණ්ඩාගාර බිල්පත් අරගෙන මුදල් අච්චු ගහල රජයට ණය දෙන එක නතර කළා.

ඒ නිසා රජයට බදු ගහන්න සිද්ධ වෙලා.  EPFහාETF එකේ පොලී අඩුකරන්න සිද්ධ වුනේ බැංකු වලට අත තිබ්බනම් බැංකු කඩා වැටෙන නිසයි.මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළකළේ අද itn රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී ය.

මොහුගේ තර්කය අනුව ජනතාවට සහනයක් ලැබීමටනම් රටේ නිෂ්පාදනයේ වැඩිවීමක් සිදුවී ආර්ථික වර්ධනයක් ඇති විය යුතු බවයි.සියලු කුඩා ව්‍යවසායන් කඩා වැටෙද්දී,තිබෙන කර්මාන්තත් වැසී යද්දී ,තිබෙන රාජ්‍ය සම්පත් ටිකත් විකුණුවාට පසු රටේ ඇතිවන ආර්ථික සංවර්ධනය කුමක්ද ?ඒ අනුව ඉදිරි කාලය පොදුවේ මහජනතාවට මාරාන්තික කාලයක් උදාවීම නොවැලැක්විය හැකිබව මේ පිළිබඳව අදහස් දැක්වූ එක් වාමාංශික විද්වතකු LankaLNews වෙත පැවසීය .

Post a Comment

0 Comments