සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙබරවාරි 01 වනදා සිට යළි වර්ජන ක්‍රියාමාර්ගයක

 


පෙබරවාරි 01 වනදා සිට සිය වර්ජන ක්‍රියාමාර්ගය යළි ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළඹි බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ.

සෞඛ්‍ය අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශ්‍ය ඉදිරිපත් කළ කරුණු සලකා සිය වර්ජනය අත්හිටුවූ නමුත් සිය ඉල්ලීම්වලට රජයෙන් නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙලෙස යළිත් වැඩවර්ජනයකට යොමු වන බව එම එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ ප්‍රකාශ කළා.

සෞඛ්‍ය වෘත්තිය සමිති මීට පෙර සිදුකළ වෘත්තිය සමිති ක5ියාමාර්ගයක් හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩාලවූ අතර මහජනතාව ද දැඩි පීඩාවට පත්වුණා.

වෙනත් පුවත් : 


Post a Comment

0 Comments