නව සන්ධානය ඇරඹෙයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම දේශපාලන පක්ෂ ගණනක වැඩිම මන්ත්‍රිවරුන් පිරිසක එකමුතුවෙන් නව සන්ධානයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.

නව සන්ධානය නම්වූ එකමුතුව අද (27) ජාඇල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ මංගල මහජන රැලියේදී ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිරි ජනනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් නව සන්ධානයක් නිර්මාණය කිරීම වෙනුවන් ජනතාව දැනුවත් කිරීමේ ජන රැලියක් අද ජාඇල නගරයේදී මෙලෙස පැවැත්වුණි.

එම සන්ධානයේ නිර්මාතෘවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා කටයුතු කරන අතර එහි මෙහෙයුම් නායකයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාය.

මෙම රැලියට අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා ඇතුළු පිරිසක් එක්වී සිටී.

තවත් පුවත් : 

Post a Comment

0 Comments