ඩයනාට පාර්ලිමේන්තුව සුදුසු නෑ.. පෙත්සම විභාගයට ගැනීමට අවසර.!

 


පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් පසුගියදා නිෂ්ප්‍රභ කළේය.

එහෙත් අභියාචනාධිකරණය ලබාදුන් එම තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) දින අවසර ලබාදී ඇත.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

තවත් පුවත් : 

Post a Comment

0 Comments