බෙලිඅත්ත සිදුවීමේ ඝාතකයා සුජීද..? පස් දෙනෙකුට මරු කැඳවූ බෙලිඅත්ත සිදුවීමේ තවත් යටගියාවක් එළියට...

 

බෙලිඅත්ත සිදුවීමේ ඝාතකයා සුජීද..?

මේ කියන්න යන්නේ බෙලිඅත්තේ වෙඩි තැබීම ගැන ඇහෙන තවත් කතාවක්..

අද උදෑසන සිටම බොහෝ දෙනෙක් මේ කතාවේ සුලමුල හෙව්වා.. මෙය තවත් එක් පාතාලයේ ප්‍රතිවාදියෙකුගේ ක්‍රියාවක්ද..?

කෙසේ වෙතත් මේ වන විට සැකකරන්නේ මෙම සිද්ධියට කොස්ගොඩ සුජී නැමැත්තාගේ සම්බන්ධයක් ඇති බවයි...

මෙම වෙඩි තැබීමෙන් 'අපේ ජනබල පක්ෂයේ' නායක සමන් පෙරේරාද මියගොස් ඇති අතර, ඔහු නඩු කටයුත්තක් සඳහා සහභාගී වීමට යන අතරතුර දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා..

කොළ පැහැති කැබ් රථයෙන් පැමිණි පිරිසක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර මියගිය පිරිස පැමිණ ඇත්තේ ඩිෆෙන්ඩර් රථයකින් බවයි අනාවරණය වී ඇත්තේ..

වෙඩි වැදීමෙන් මියගිය සමන් පෙරේරා 2022 වසරේ ජූනි 05 වැනිදා තංගල්ලේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වසරේදී අගෝස්තු 24වැනිදා පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා..

කෙසේ වෙතත් මෙම සිදුවීම සහ වෙඩිතැබීම අතර සම්බන්ධයක් පවතීද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ...

තවත් පුවත් : 

බෙලිඅත්ත වෙඩි තැබීමේ හෙළි නොවූ රහස් (Video)

බුකිය කැලඹුණු වැල්ලවත්තේ සිද්ධිය.


Post a Comment

0 Comments