බැංකු පොලී අනුපාතය ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්..

 

බැංකු පොලී අනුපාතය ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්..

පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඊයේ (22) පැවති රැස්වීමේ දී මහ බැංකුව නිවේදනය කළේ, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9%ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10%ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යෑමට ඒ අනුව තීරණය කර ඇති බවයි.

එමෙන්ම, 2023 දෙසැම්බර් අවසානය වන විට දළ නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි දියුණු වී ඇති බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මධ්‍ය කාලීනව 5%ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීම සඳහා දේශීය හා ජාත්‍යන්තර සාර්ව ආර්ථික වර්ධනයන් පිළිබඳ පුළුල් තක්සේරුවකින් අනතුරුව ආර්ථිකයට එහි විභවයන් කරා ළඟා වීමට හැකි වන පරිදි මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබෙනවා. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments