කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත්ව විශ්‍රාම යාමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.
මේ වනවිට විශ්‍රාම යාමට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශ වෙත යොමු කර ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කැදවු මාධ්‍ය හමුවේදී සදහන් කරයි.
විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා පළමුව පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධව පොලීසිය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් දෙවනුව ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන සංගම් දෙක අසතුට ප්‍රකාශ කරයි.
වාට්ටුවේ වර්ජනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ වෛද්‍යවරයාට තර්ජනය කර පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ආයතන මට්ටමින් සහ පොලීසිය නිසි ක්‍රියාමාර්ගයක් නොගත හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවද මෙම සංගම් සදහන් කරයි.
තවත් පුවත් :
0 Comments