සෞඛ්‍ය සේවකයින් යළි වර්ජනයකට

 


සාකච්ඡා මඟින් තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේනම් පෙබරවාරි මස පළමුවනදා සිට වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

සෞඛ්‍ය සේවකයින්ට දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විදෙස් ගතව සිට යළි මෙරටට පැමිණි විගස සාකච්ඡාවක් ලබාදෙන බවට ප්‍රකාශ කළ ද එය මේ දක්වාත් ලබා දී නොමැති බව සෞඛ්‍ය සේවකයින් සඳහන් කළේය.

මේ හේතුවෙන් අද දිනයේ කොළඹ අවට පිහිටි රෝහල් ඉදිරිපිට විරෝධතා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ද වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments