හිටපු හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගය පක්ෂයට එකතු කර ගැනීම සම්බන්ධයෙන් එම පක්ෂයේ උපසභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දැඩි විරෝධය සහ අප්‍රසාදය පළ කරයි.
ඔහු සඳහන් කරන්නේ දයා රත්නායක මහතා පක්ෂයට එක් කරගත්තා නම් දැන් ගෝඨාභය රාජපක්ෂද සමගි ජන බලවේගයට එක් කරගත හැකි බවයි.
සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ දී අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරනු ලැබුවේ දයා රත්නායක මහතා විසින් බවද ඔහු සදහන් කරයි. ඒ හේතුවෙන් ප‍්‍රමුඛතාවයන් නොසලකා දයා රත්නායක මහතා ඉදිරියට ගෙන ඇවිත් හමුදාපතිකම පවා ලැබීමට පහසු කරවූ බවද ඔහු සඳහන් කළේය.
තමන් මේ බව සජිත් ප්‍රේමදාස මහතාටද මේ ආකාරයෙන්ම දැන්වූ බවත් කියා සිටියේය.
තවත් පුවත් :
- සනත් නිශාන්තගේ තැනට අලුතින් ආ කෙනා. - ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.
- සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණයා අභිරහස් ලෙස මියයයි - (VIDEO)
0 Comments