විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සැරසෙයි.!

 


ජනාධිපතිවරණය ඉලක්ක කර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන වැඩපිළිවෙල නැවත ආරම්භ කිරීමට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සූදානම් වේ.

මෙම කටයුත්ත සඳහා හිටපු කතානායක කරූ ජයසූරිය මුලිකත්වය ගෙන ඇති අතර දයාසිරි ජයසේකර, රාජිත සේනාරත්න මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම කටයුත්ත සඳහා සහාය වනු ඇති බවද වාර්තා වේ.

මෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රටේ ජනාත්මතයක් සකස් කර ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම එම ව්‍යාපාරයේ අරමුණ වේ.

තවත් පුවත් : 


Post a Comment

0 Comments