ආජෙන්ටිනාවේ විපක්ෂය හා ලංකාවේ විපක්ෂය !!


රටේ ආර්ථිකය ගොඩනංවන බවට පොරොන්දු දෙමින් ජනාධිපති ධූරයට පත්වූ ආර්ජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයි බදු ඉහළ දමා බඩුමිළ ඉහළ දැමීම සහ මහජන සුභ සාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් ඔහුට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණක් හා විරෝධතා රැළියක් පෙරේදා බුවනෝර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම දැවැන්ත විරෝධතා රැළිය සංවිධානය කර ඇත්තේ එ රටේ විපක්ෂය සහ වෘත්තීය සමිති ඒකාබද්ධව බවත් වාර්ථාවේ .විරෝධතා රැළියට සමගාමීව එරට ප්‍රබලතම වෘත්තීය සමිතිය වන ආර්ජෙන්ටිනා කම්කරු ජාතික සම්මේලනය විසින් ක්‍රියාත්මක කළ එක්දින  වැඩවර්ජනය හේතුවෙන් එරට බැංකු ,රෝහල් පද්ධතිය ඇතුළු සියලු සේවාවන් බිඳ වැටුණු බවත් ,ගුවන් ගමන් පවා අත්හිටුවීමට සිදුවූ බවද වාර්තා වේ.

 එහෙත් බදු ගැසීම හා බඩුමිළ අහස උසට නැංවීම හේතුවෙන්  ලක්ෂ සංඛ්‍යාන ජනතාවකට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාකර තිබියදීත් සහ  සියලු ජාතික සම්පත් දෙස් විදෙස් කොම්පැනිකරුවන්ට  විකිණීමට සූදානම් වෙද්දීත් ලංකාවේ  විපක්ෂය මැතිවරණයක් දෙනතුරු තරඟයට උඩ බලාගෙන සිටීම කාගේත් විමතියටත් විවේචනයටත් හේතුවී තිබේ.

 බැරිවෙලාවත් නියමිත පරිදි රනිල් වික්‍රමසිංහ මැතිවරණයක් නොතියා වංගුවක් ගැසීමට කටයුතු කළහොත් විපක්ෂය ගන්නා පියවර කුමක්ද ?යන්න පිළිබඳව බොහෝ දෙනා දැඩි විමසිල්ලෙන් හා ඉවසීමෙන් බලාසිටී.

        විමර්ශක ..

තවත් පුවත් : 

Post a Comment

0 Comments