ජාතික ජන බලවේගය කොයිබටද ?


මෙතෙක් කලක් UNP යට විරුද්ධව  මැද මාවතේ ගමන් කළ මේ රටේ වාමාංශික ,ප්‍රගතිශීලී හා ජාතිකවාදී බලවේගය රාජපක්ෂලා විසින්  රනිල්ගේ දෙපාමුල තැබීමත් සමඟ ඒ ගැන කළකිරීමෙන් බහුතරයක් ජනතාව තවත්  විකල්පයක් සොයමින් සිටී.කොටසක් ජවිපෙ නායකත්වය පිළිබඳව කොපමණ අවිනිශ්චිතතාවයක් තිබුනත් ,වාමාංශිකවාදයට එකතු වන බව සිතමින් ඒ දිහාවට ඇදීගොස් ඇත. 

එහෙත් බහුතරය මෙතෙක් කිසිදු පක්ෂයකට ගොස් නැති අතර ඔවුන්ව දිනාගැනීමට ජාතික ජන බලවේගය පහත ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය යුතු බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ .

01.බලය ගැනීමෙන් පසුව රට ගොඩගන්නා වැඩ පිළිවෙළ නිශ්චිතව  කුමක්ද ?

02.බලය ගැනීම සඳහා නව ලිබරල්වාදී ආර්ථික මාවත ප්‍රතික්ෂේප කරන  වාමාංශික ,ප්‍රගතිශීලී හා ජාතිකවාදී පක්ෂ සමඟ පුළුල් සංධානයක් ගොඩ ගොඩ නැගීමට කටයුතු නොකරන්නේ ඇයි?තනිවම බලය ගත හැකි යැයි පවතින අධිතක්සේරුව නිසාද ?

03.ජනතාව ආර්ථික වශයෙන් මෙතරම් පීඩාවට ලක්වී තිබියදීත් විපක්ෂයේ අනෙකුත් කංඩායම්‍ සමග එකතුවී ආණ්ඩුවට එරෙහිව ජනතා අරගලය මගහැර කටයුතු කරන්නේ ජවිපෙ සිය ඉතිහාසයේ සිදුකළ වැරදි වලින් භිරාන්ත වෙලාද?

04ඇමරිකානු තානාපතිනිය ජවිපෙ මධ්‍යස්ථානයට සම්ප්‍රාප්ත වීම හා ඇමරිකාව  සමඟ ඇති ගණුදෙනුව තේරුම් ගත යුත්තේ කෙසේද ?

05.IMF  සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම සංශෝධනයට මූල්‍ය අරමුදල එකඟ නොවුවොත් ගන්නා වූ පියවර කුමක්ද ?

06.හුදෙක් රනිල් වික්‍රමසිංහ ලබාදෙන ඡන්දයකට තරඟ කිරීමට පමණක් සූදානම් වන ජාතික ජන බලවේගය  ජනාධිපතිවරණය හා මහ මැතිවරණය නොපැවැත්වීමට කටයුතු කළොත් ගන්නාවූ ක්‍රියාමාර්ගය කුමක්ද ?

ඉහත ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ලබා නොදුනහොත් මැද මාවතේ හා ප්‍රගතිශීලී වාමාංශිකයන්ගේ බහුතරයක් ඡන්ද ඇද ගැනීමට ජවිපෙ ට නුපුළුවන් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ..

- විමර්ශක

තවත් පුවත්: 


Post a Comment

0 Comments