පුත්තලම දළුව ගම්මානයේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහභාගි වීමට නියමිතව තිබූ මාර්ග සංවර්ධන වැඩසටහනක් අවස්ථාවකදී ජනතා දැඩි විරෝධයක් පලකිරීම හේතුවෙන් අතරමගින් හරවා ගොස් ඇති බව වාර්තාවේ.
මෙම විරෝධය හේතුවෙන් අමාත්‍ය සනත් නිශාන්ත මහතා දළුව හන්දියට පමණක් පැමිණ හැරී ගොස් ඇතැයි වාර්තා වෙයි.
එම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්න මහත්වරුන් එක්වීමට නියමිතව තිබිණි.
නමුත් මේ පිළිබඳව ලැබුණු තොරතුරක් මත ප්‍රදේශවාසීන් ඔවුනට දැඩි විරෝධතාවයක් එල්ල කර ඇතිබව වාර්තාවේ.
තවත් පුවත්:
0 Comments