ෂාෆ්ටර්ගේ සිම්පතට ලැබුණු නියෝගය.!

 


ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථන සිම්පත බිරිඳට ලබාදීම සම්බන්ධයෙන් වන ඉල්ලීම රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සලකා බලන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කරයි.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්වීමට පෙර භාවිතා කළ දුරකථන අංකය සහිත නව සිම්පතක් ලබාගැනීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට ෂාෆ්ටර්ගේ බිරිඳ කළ ඉල්ලීම සම්බන්ධව කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා ඒ බව සදහන් කරයි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවත් පුවත් : 



Post a Comment

0 Comments