රතු සහෝදරයන්ට ඉන්දියාවෙන් කෝටි 300ක්


ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  තර්ජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල්  කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  චන්දිම වීරක්කොඩි මහතාගෙන් ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී    සමාව ඉල්ලා ඇත.

මෑතකදී ඉන්දියානු සංචාරයක ගිය රතු සහෝදරයන්ට රුපියල් කෝටි 300ක මුදලක් ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පවසති.

මැතිවරණයට වියදම් කිරීමට මෙම මුදල ලැබුනු බවට තොරතුරු තමන් වහන්සේට ලැබී ඇති බවද උන් වහන්සේ පැවසූහ.

මෙහි සත්‍ය අදහස් අසත්‍යතාවය රතු සහෝදරයන් විසින්ම හෙළි කළ යුතුව ඇතැයි ද එහිමියෝ කියා සිටියහ.

උත්සව සභාවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

තවත් පුවත් : 


Post a Comment

0 Comments