රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමට මිහින්තලයට පැමිණෙන පෙබ.15 දා ගොවීන් විසින් එදින සංවිධානය කර ඇති විරෝධතා ව්‍යාපාරය පැවැත්වීම වළකාළමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මිහින්තලය පොලිස්ථානාධිපති ගරු අධිකරණයෙන් කළ ඉල්ලීම අනුරාධපුර ගරු අතිරේක මහේස්ත්‍රාත්තුමිය ඊයේ (12)තරයේ ප්‍රතික්ෂේප කර ඇත .
මෙම නඩුවේ මිහින්තලය ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා ශ්‍රී ලංකාව දැනටමත් ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත්වී ඇති බවත් ,මේ රටේ ප්‍රභූවරුන් ලෙස හදුන්වන අය ඊට වගකිව යුතු බවත් ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සීමා කිරීමට කිසිවෙකුටවත් නොහැකි බවත්, ප්‍රභූන්ගේ ආරක්ෂාව සැපයීම ප්‍රභූ ආරක්ෂක අංශවල වගකීමක් බවද අධිකරණයට කරුණු සැළකරමින් සඳහන් කළේය .
එම නිසා විරෝධතා පැවැත්වීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනතාවට හිමිවී ඇති මූලික අයිතිවාසිකම අහුරා දැමීමට පොලීසිය කරන අනීතික ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නැයි උගත් නීතිඥ වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලීය.
ඒ අනුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ගරු මහේස්ත්‍රාත්තුමිය ,විරෝධතාවය වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළේය .
තවත් පුවත්:
- ජවිපෙ කියන්නේ ටෙන්ඩර් කරලා විකුණන්නයි.. විකුණන්න එපා කියල නෙමෙයි.. ‘එට්කා’ කියද්දී ඉක්කා ගැහෙනවා..
- ආරක්ෂක ලේකම් හා හමුදාපති මන්ත්‍රී චන්දිමගෙන් සමාව අයදී..


0 Comments