ලෝකයේ ණය වෙනුවෙන් වැඩියෙන්ම පොළී ගෙවන රට ශ්‍රී ලංකාවයි.


රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොළී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසා තිබෙන බව අද ලංකාදීප පුවත්පතේ වාර්තා කොට තිබුණි .

වැඩිදුරටත් එහි දක්වා තිබුණේ ශ්‍රී ලංකාව 2022 වර්ෂයේදී ණය සඳහා ලෝකයේ වැඩිම පොළී ගෙවන රට බවට පත්වී ඇති බවත් ,එය රාජ්‍ය ආදායමෙන් 71% ක් බවත්ය .

2023 වර්ෂයේ එය 77% දක්වා වර්ධනය වී ඇති බව ලෝක බැංකු වාර්තා හෙළිදරව් කරන බව ඒ මහතා පවසයි .

රනිල් වික්‍රමසිංහ ජනාධිපති තව තවත් ණය ගැනීමෙන් ඉදිරියේදී මීට වඩා බැරෑරුම් තත්ත්වයකට රටේ ජනතාවට මුහුණ දීමට සිදු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

තවත් පුවත්: 


Post a Comment

0 Comments