හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් කල වංචාව මිනීමැරීමට සමාන බවත් ඔහුට දඩුවම විදියට මරණ දඬුවම දිය යුතු බවත් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
රඹුක්කළ මහතා නඩුවේ හිටපු නීතිඥයාගේ නිවසට ගොස් තමන් බේරාදෙන්නැයි හඬා වැටෙමින් ඉල්ලා ඇති බවද හෙතෙම පැවසීය.
මෙම වංචාව හෙළි වූයේ නැත්නම් තවත් කෝටි සීයේ වංචා කොපමණ කරාවිදැයි නොදන්නා බවද ඔහු සඳහන් කරයි.
ජනාධිපතිතුමන් මෙතරම් දිනක් පරීක්‍ෂණවලට බලපෑම් කර නොකර අමාත්‍යවරයාට දඬුවම් දීමට ඉඩ දුන් බවත් පවසන ඔහු ජනාධිපති කාර්යාලයේ අය ගැන හෙළිවුවහොත් ඒ ගැනද බලපෑම් නොකර හිටියොත් වඩාත් හොඳ බවද කියා සිටී.
උඩ පුටුවල අය බලපෑම් කරන්නේ නැතිනම් දූෂිතයන්ට දඬුවම් දෙන්නට දැනට ඇති නීති පද්ධතිය හොඳ හොඳටම ප්‍රමාණවත් බවද හෙතෙම තවදුරටත් පවසයි.
ඔහු මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.
තවත් පුවත් :
- මහජන දේපොළ සොරාකන මැති ඇමතිලාට සහ නිළධාරීන්ට අධිකරණයෙන් පාඩමක්! වෛද්‍ය චමිල් සංජීව පවසයි ....
- ජයශංකර් හමුවූ අනුර ඉන්දීය ආයෝජනවලට එකගයි.. ඉදිරියේ විරෝධතා නෑ..
0 Comments