මහජන දේපොළ සොරාකමින්,රජයේ දේපළ අවභාවිතා කරමින් ඇමතිවරුන්ට හෝ අමාත්‍යාංශ ලේකම් වරුන්ට මින් ඉදිරිියට කටයුතු කිරීමට නොහැකි බවට අධිකරණය මෙරට පාලකයන්ට තද පණිවිඩයක් ලබාදී ඇතැයි වෛද්‍ය චමිල් සංජීව පැවසීය .
ඔහු මෙම අදහස් පළකළේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එසේම යම් වරදක් කළ ඇමතිවරයකුට හෝ ලේකම් වරයකුට එම අමාත්‍යාංශය වෙනස් වූ පමණින් නීතියෙන් බේරීයාමට මින් ඉදිරියට ඉඩක් නොලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය .
එසේම නිළධාරීන් පිට වරද පටවා ඇමතිවරුන්ට නීතියේ රැහැණින් ගැලවී යාමට නොහැකි බවද මෙම නීති කෘත්‍යයෙන් පැහැදිලි වන බවත් චමිල් සංජීව වෛද්‍යවරයා පැවසීය.
තවත් පුවත් :
- රතිකෙළියේ යෙදෙන්න කළින් මේ දේවල් දැනගන්න.. නැත්තම් බඩු බනිස්..
- ‘මාලිමාව නීති විරෝධීයි..’ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
0 Comments