විපක්ෂ නායකවරයකු රටට වැඩක් කළ පළමු වතාව මෙයයි..- සජිත්

 


බංකොලොත් රටක රට පාලනය කරන ආණ්ඩුවට පාසල්වලට පරිගණකයක් දෙන්න බැරි වුවත් ජනතා විපක්ෂය වන සමගි ජන බලවේගය එම කාර්යය මේ වන විටත් සාර්ථකව සිදු කර ඇති බවත් විපක්ෂය මෙවැනි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන විට බංකොලොත් රටෙත් අල්ලස, දූෂණය, වංචාව, කොමිස් ජාවාරම් දිනෙන් දින සිදු වන බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

බාල තත්ත්වයේ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් නම් ඖෂධය ඇතුළු ඖෂධ ගණනාවක් ජනතාවට ලබා දීම නිසා ජනතාවගේ ජීවිත රැසක් අවදානයට ලක්වූ බවත් මෙම ඖෂධවලින් සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ නිලධාරීන් රැසක් කොමිස් පිට කොමිස් ලබා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 89 වැනි අදියර යටතේ අනුරාධපුර රාජාංගනය රාහුල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට වැලේ වැල් නැති වුවත් හොරු රැළ දීර්ඝ වශයෙන් හොරකම් කරමින් රට විනාශ කරන බවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම ආර්ථික ඝාතකයන් නීතිය හමුවට ගෙන විත් ඔවුන් හොරා කෑ සම්පත් නැවත රටට ලබා ගෙන එම මුදල් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍රවල ආයෝජනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ඇමතිවරු විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය ක්‍රියාත්මක කළත් විපක්ෂ නායකවරයකු හෝ විපක්ෂයේ දේශපාලන පක්ෂයක් වැඩක් කළ පළමු අවස්ථාව මෙය බවත් මෙය ජනතාව ඉල්ලා සිටි ක්‍රමයේ වෙනසක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments