ඊළග ජනාධිපති වෙන්න මා සුදුසුයි..

 


පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී පැවති ජනාධිපති ඡන්ද විමසීමේදී සියලු දෙනා පලා යද්දී තමන් ඊට තරඟ කර බොහෝ පක්ෂවල සහයෙන් ඡන්ද අසූ හතරක් ලබාගත් බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වයට ද තමන්ට පැමිණිය හැකි බවත් ඒ සඳහා තමන්ට සුදුසුකම් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

නමුත් මේ මොහොතේ කළ යුත්තේ තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම්කර ආණ්ඩුවට තවත් හුස්ම ගැනීමට ඉඩ දීම නොවන බවද හෙතෙම කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.

තවත් පුවත් : 


Post a Comment

0 Comments