මොකක්ද මේ නිදහස?


ඉන්දියානු කලාපයේ පැනනැගෙනු  ජාතික විමුක්තිකාමීන්ගේ ජන අරගලය නිසා බ්‍රිතාන්යන්ට  ඉන්දියාව ස්වජාතිකයින්ට භාරදීම හැර වෙනත් විකල්පයක්  එදා නොවුණි.

ලාංකික නිදහස දිනාගැනීමකට වඩා ලබා ගැනීම 1948 පෙබ.04 සංකේතවත්   වුයේ බිුතාන්‍ය පාලකයිගේ එකඟතාව මතය. ඔවුන්ගේ අතයට රාජ්‍ය බලයක් කලු සුද්දන් ලබගැනීමක් ලෙස එය ඉතිහාසයේ සනිටුහන් විය. 

සුදු පාලකයින් හා කලු සුද්දන්  හැදු  ප්‍රශ්න තුල රට අදටත් සිරවී ඇත.

වසර 76 තුළ අඩු වැඩි වශයෙන් කළ විනාශය පිලිබඳව අදහස් මතු කලත් 

1972 මැයි 22 සමගි රජය  සම්මත කල ජනරජ ව්‍යවස්ථාවෙන් අපේ රටේ පොදු ජන නිදහස දිනා ගැනීම පුබුද්ධ ජනතාවට අමතක නොවේ. අප රටේ පුර්න නිදහස් රාජ්‍යයක්  ගොඩ නැගීම එදින සිට ආරම්භවේ. එම දිනවල සමගිරජය උත්කර්ෂවත්ව එදින අපගේ නිදහස සැමරීය.

1978 ජේ.ආර්. බලයට පත්ව ගෙන එනුලැබු ව්‍යවවස්ථා සංශෝධනයෙන් නැවතත් රට නව අධිරාජ්‍යවාදීන්ගේ උගුලට හසුකර දැම්මේය. 

එය සැමරීම  වෙනුවෙන් පෙබ.04 නැවත ස්ථාපිත කෙරුණි. එනිසා ජනතාවගේ නිදහස පාවාදුන් දිනය ලෙස මෙය පෙබ.04 නැවත ඉතිහාසයට එක්විය.

 බොහෝ දෙනා 75 වසරක සාපයක් ගැන කතා කරන්නේ එය වසන් කරමිනි. එනිසා ජාතික නිදහස පාවාදුන් සාපකාරි වසර 1978 සිට ඇරඹේ. 

රනිල්-රාජපක්ෂ පාලක නඩය මෙවර සැමරුවේ සාපකාරී නිදහසේ 47 වෙනි සැමරුමයි.

ජනතාවාදී නව ව්‍යවස්ථාවක් මගින් යටත් විජිතවාදීන්ගෙන් පුර්ණ නිදහස දිනාගත් දිනය ලෙස 1972 මැ 22 නම් කර ගැනීම වාම සමාජ පුජාතන්තුුවාදි ඉදිරි දේශපාලන දහරාවේ වගකීම වන්නේය. සැබෑ නිදහසක් ජනතාවට සැමරිය හැක්කේ එවිටය. මොවුන් දැන් සමරන්නේ පාලකයින්ගේ හා නුතන අධිරාජ්‍යවාදීන් ජනතාව යටපත්කර පාගා දැමීමේ දිනයයි. එයට අනුබලයක් හෝ සහයක් නොදක්වා ජනතා විරෝධය මතු කල වර්ජනය කල යුතුය.

- ජී.වී.ඩි. තිලකසිරි 

තවත් පුවත් : 

Post a Comment

0 Comments