ආරක්ෂක ලේකම් හා හමුදාපති මන්ත්‍රී චන්දිමගෙන් සමාව අයදී..

 

ආරක්ෂක ලේකම් හා හමුදාපති මන්ත්‍රී චන්දිමගෙන් සමාව අයදී..

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වීරක්කොඩි මහතා පැවසුවේ  එම සිද්ධියේ විමර්ශනයෙන් අනතුරුව කමිටුවේ දැනුම්දීම අනුව දෙදෙනා එසේ සමාව ගත් බවයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  මෙම තර්ජනය කිරීම සිදුවී ඇතැයි පැවසෙන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.

මේ සම්බන්ධයෙන් චන්දිම වීරක්කොඩි  මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමෙන් පසු සිද්ධිය පිළිබඳ විමර්ශන කතානායකවරයා විසින්  ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරනු ලැබීය.

ඒ අනුව එම කමිටුව චන්දිම වීරක්කොඩි මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. අනතුරුව එම ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ  හඬ පට පරීක්ෂා කිරීමේදී  එවැනි තර්ජනයක් සිදුව ඇති බව තහවුරුවීම නිසා කමිටුවේ දැනුම් දීම අනුව එම දෙදෙනා මෙසේ සමාව ගෙන ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සන්නද්ධ හමුදාවල කාර්ය මණ්ඩලය ලක්ෂයක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී චන්දිම වීරක් කොඩි මන්ත්‍රීවරයා ඊට විකල්පයක් ලෙස සන්නද්ධ හමුදාවන්හි ඉහළ නිලධාරීන් කරන්නේ යයි පැවසෙන අනවශ්‍ය වියදම් පාලනය කිරීමට කටයුතු කළ යුතු බව ප්‍රකාශ කර ඇත. මන්ත්‍රීවරයාට මෙම තර්ජනය කිරීම කර ඇතැයි පැවසෙන්නේ  ඒ  අවස්ථාවේදීය.

මේ සිද්ධිය හේතුවෙන් එම කාරක සභාවේ උණුසුම් තත්වයක්ද  ඇතිවී තිබිණැයි වාර්තා විය.

තවත් පුවත් : 


Post a Comment

0 Comments