ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබදී ඇති නිගමනය අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.
ඒ අනුව පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිගමනය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් පවතින ආකාරයෙන්ම සම්මත කරන්නේ නම්, විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබුණා.
තවත් පුවත් :
- සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා ඉදිරිපත් කෙරේ.
- ඇයි ළමයින්ට පාඩම් කරන්න විදුලිය ඕනෙ? කුප්පි ලාම්පුවෙන් කරන්න පුළුවන් - විදුලිබල මාධ්‍ය ප්‍රකාශක.


0 Comments