"ඉදිරියේදී රාජපක්ෂ පවුලෙ ලේලි වෙන්න තමයි බලාපොරොත්තුව..." - සඳනි ප්‍රනාන්දු

 


නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සඳනි ප්‍රනාන්දුය.

මේ දිනවල රාජපක්ෂ පවුලේ ලස්සනම ලේළිය වී සිටින ඇය තම ප්‍රථම සිනමා රංගන අත්දැකීම තිරගත වීමේ ප්‍රීතිය ද භුක්ති විඳිමින් අප හා කතාවට මුල පිරුවාය.

සඳනි මේ දවස්වල රාජපක්ෂ පවුලෙ ලස්සනම ලේලිය වෙලා පුදුමාකාර ප්‍රේක්ෂක ආදරයක් ලබනව නේද?

ඔව්. ඔව්. රාජපක්ෂ පවුලෙ ලස්සනම ලේලි වුණ නිසා මේ දවස්වල හිතාගන්න බැරි තරම් ආදරයක් ලැබෙනවා. මේ තරම් ආදරයක් ලබන්න අපි කොයිතරම් නම් වාසනාවන්ත ද කියල දැනෙද්දි හරිම සතුටුයි. ඒ වගේම වයස් භේදයක් නැතුව ගොඩක් අය මේ ගීතය රස විඳිනව කියල දැක්කම තවත් සතුටුයි.

සඳනි ඒ නිර්මාණයට දායක වුණේ පියත්ගෙ පෙම්වතිය නිසාමද?

ඇත්තම කිවුවොත් පියත්ට තමයි ඕන වුණේ අනිවාර්යයෙන්ම මං ඒ වීඩියෝ එකේ ඉන්නම ඕන කියන එක. එයා හරිම සතුටින් එයාගෙ මවුපියො වගේම මගේ මවුපියොත් මේ නිර්මාණයට සම්බන්ධ කරගත්තා. තමන්ගෙ පවුලෙ අයත් එක්ක ලබපු ඒ අත්දැකීම හරිම වෙනස් එකක්. මීට කලින් අපි අපේ පවුලෙ අයත් එක්ක නිර්මාණවලට දායකවෙලා තිබුණෙම නැහැනෙ. ඒක කවදහරි සුන්දර මතකයක් විදිහට අපේ ළඟ ඉතුරු වේවි කියල හිතෙනවා.

සඳනි ගොඩක් ලස්සන නිසානෙ පියත් ගමේ ඉන්න ලස්සනම ගැහැනු ළමය විදිහට මේ වගේ ගීතයක් නිර්මාණය කළේ. ඔබ කාජල් වගේ කියන අයත් ඉන්නවා. සඳනිට එහෙම කවුරුත් කියල නැද්ද?

සමහර අය එහෙමත් කියනවා. කමෙන්ට්ස්වල එහෙම තියෙනව මං දැකලත් තියෙනවා. අනේ මන්ද එහෙම හිතනව නම් ඉතින් මට හරිම සතුටුයි.

රාජපක්ෂ පවුල නිසා සඳනිට බලපෑමක් වුණේ නැද්ද?

ඒක ඒ තරම් ලොකුවට බලපෑවෙ නම් නැහැ. මොකද පියත් කියන්නෙත් රාජපක්ෂ කෙනෙක්නෙ. එයාගෙ වෙන කිසිම අරමුණක් තිබුණෙ නැහැ. එයා එයාගෙ රාජපක්ෂ නාමය තමයි හරි ආඩම්බරෙන් එතැනදි කියන්නෙ. ඒක පොඩ්ඩක් විතර වෙනස් විදිහකට සමාජගත වෙලා. ඒත් ඒක එච්චර ලොකු බලපෑමක් වුණේ නැහැ.

පියත් සඳනි ආදර කතාව ඉක්මනින්ම කේෂ්ත්‍රයේ පැතිරුණා. ඔබ දෙපළම ඒක හංගන්න උත්සාහ කළෙත් නැහැ. ඒකෙන් ඔබේ ජනප්‍රියත්වයට හානියක් වුණා කියල හිතිල නැද්ද?

පොඩි පොඩි බලපෑම් ඇති නොවුණාමත් නෙවෙයි. ඒත් අපි ඒක එච්චර හිතුවෙ නෑ. අනික් අතට අපි දෙන්න එකට වැඩ කරද්දි ඒකෙ වාසියකුත් තියෙනවා. එකට වැඩ කරන්න පහසුයි වගේම එකට නිර්මාණවලට, වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට අපි දෙන්නට ආරාධනා ලැබෙන්නෙත් එකටමයි.

සඳනිගෙ වයසත් දැන් හරිනෙ. නැන්දම්මත් කැමති එකේ ලස්සනම ලේළි වෙලා ඉක්මනින්ම රාජපක්ෂ පවුලට එකතු වෙන්න අදහසක් නැද්ද?

තාමත් අපි ඒ ගැන කතාකරගෙන යනවා. තාම මට අවුරුදු 26යිනෙ. ඒ නිසා තව කල් තියෙනව කියල හිතෙනවා. වෙන වෙනම අපි අපේ වැඩ කරගෙන අපේ ඉලක්කවලට ගිහින් නිවාඩු පාඩුවෙ රාජපක්ෂ පවුලෙ ලේලි වෙන්න තමයි බලාපොරොත්තුව.

රසඳුන

#1. 

Sandani fernando hot Photos

#2. 

Sandani fernando hot Photos

#3. 

Sandani fernando hot Photos

#4. 

Sandani fernando hot Photos

#5. 

Sandani fernando hot Photos

තවත් කියවන්න : 

Post a Comment

2 Comments