ලෝක පීට්සා දිනය ඊයේ යෙදී තිබුණා.
ඒ නිමිත්තෙන් මීගමුව , ඒත්තුකාළ ප්‍රදේශයේ හෝටලයක ලංකාවේ විශාලතම පීට්සාව නිර්මාණය කිරීමට පියවර ගෙන තිබුණා.
අගල් 50 දිග මෙම පීට්සා එක කිලෝ ග්‍රෑම් 12 ක බරකින් යුක්ත වන අතර මේ සදහා සදහා තක්කාලි කොංග්‍රසයක් ( මිශ්‍රණයක් ) මොසැරැල්ලා චීස් , කුකුළු මස් , සොසේජස් , විවිධ පාට සහ රස වර්ග 04 කින් යුතු බෙල් පෙපර් , ඔලිව් තෙල් සහ බී ළූණු භාවිතා කර තිබූ අතර මෙම පීට්සා ව විනාඩි 08 ක කාළයකින් පුළුස්සා නිම කර ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.
මෙම පීට්සා ව රස බැලීම සදහා 100 කට අධික පිරිසක් මෙම හෝටල් පරිශ්‍රයට පැමිණ සිටි අතර එකවර 08 දෙනෙකුට භුක්ති විදීමට හැකි වන පරිදි අගල් 25 ක් දිග වන ආකාරයට සකස් කර පීට්සා කැබළි ඔවුන්ට ආහාර සදහා පිරිනැමීම සිදු කෙරුණා.
#1.
#2.
#3.
#4.
තවත් පුවත් :
0 Comments