ගම්මන්පිලගේ හා වීරවංශ ගේ ස්ථාවරයේ ඩිව්,වාසු,තිස්ස ,අසංක ,වීරසුමන වීරසිංහ නෑ !

13 වන සංශෝධනයේ සඳහන් පොලිස් බලතල ඉවත් කිරීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පළමුවන වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පිළිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් 21දා කටයුතු  කළේය .22 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස   මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අතර විමල් වීරවංශගේ පක්ෂයේ මුසම්මිල් එය ස්ථිර කළේය.

    මෙම යෝජනාවට උත්තර ලංකා සභාගයේ ඩිව්,වාසු,තිස්ස ,වීරසුමන , අසංක නවරත්න එකඟ නැති බවත් , දැනටත් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ 13 න් ලබාදී ඇති පොලිස් බලතල ක්‍රියාත්මක නොවන බවත් ,ගම්මන්පිලලා මේ මොහොතේ කරන්නේ අනවශ්‍ය දෙයක් බවත් ,සිංහල ඡන්ද බලාගෙන මේ කරන විගඩම ඔවුන් අනුමත නොකරන බවත්,මේ මොහොතේ කළ යුත්තේ ජීවිත්වීමට නොහැකි ලෙස බදු බර පටවමින් ,ජාතික සම්පත් විකුණන මේ ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගැස්වීම බවත් ,එය නොකර ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කිරීමට  තම පක්ෂ තරයේ විරුද්ධ බවත් පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments