ව්‍යාපාරිකයාට අමතක වූ මැණික් මල්ල බස් රියදුරු උස්සලා.

ව්‍යාපාරිකයාට අමතක වූ මැණික් මල්ල බස් රියදුරු උස්සලා.

රුපියල් ලක්ෂ 25ක වටිනාකමින් යුත් මැණික් ගල් තොගයක් සොරකම් කළ බස් රථ රියදුරෙකු අවිස්සාවේල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැණික් ව්‍යාපාරිකයෙකු මැණික් ගල් 13ක් සහිත බෑගයක් රැගෙන අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයට බස් රථයකින් පැමිණ ඇති අතර එහිදි ඔහු විසින් එම බෑගය අතපසුවීමකින් බස් රථයේ අසුන මත තබා ඉන් බැස ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

පසුව ඔහු යළි බස් රථයට ගොඩවී බෑගය සොයා බැලීමේ දී මැණික් ගල් අස්ථාන ගත වී ඇති බවට නිරීක්ෂණය වී තිබේ.

 සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත අදාළ බස් රථයේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු සතුව තිබී එම මැණික් ගල් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු එරත්න ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments