වර්ග අඩි දෙකක සොහොනක් සඳහා අය කරන ගාස්තුව රුපියල් එක් ලක්ෂ අසූ දහස දක්වා වැඩි කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා.
ජනතාව වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම අඩි දෙකයි දෙකේ කුඩා භූමි ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ මියගිය අයගේ අළු මිහිදන් කිරීම සඳහා පමණක් බවයි.
එමෙන්ම කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ ආදාහනාගාර ගාස්තුව ද විශාල වශයෙන් වැඩිකර ඇති බව ද වාර්තා වෙනවා.
ඒ , අනුව කොළඹ නගරවාසීන්ට රුපියල් 1000ක්ව තිබූ ආදාහනාගාර ගාස්තුව රුපියල් 10, 000 දක්වාත් කොළඹ නගර සභාවෙන් පිටස්තර පුද්ගලයින් සඳහා ඒය රුපියල් 20,000 දක්වාත් ඉහල දමා ඇත.
කෙසේ වෙතත් ආදාහනාගාර සහ සොහොන් ගෙවල් සඳහා අය කරන මුදල විශාල වශයෙන් වැඩි කිරීම විශාල අසාධාරණයක් බවයි ජනතාව චෝදනා කරන්නේ.
තවත් පුවත් :
- විපක්ෂ නායකවරයකු රටට වැඩක් කළ පළමු වතාව මෙයයි..- සජිත්
- සජිත්ටත් ඉන්දියාවෙන් ආරාධනයක්..හදිසියේ ලැබෙන්න හේතුව මෙන්න..
0 Comments