මාලිමාව කළ යුත්තේ කුමක්ද ?


අද මාලිමාව කළ යුතු ඉතාම හදිසි කාර්යය වන්නේ වාමාංශික හා ජනතාවාදී බලවේගයන්ගේ පළල්ම සංධානය ගොඩනගා ලංකාවේ සුභ සාධනයට,ස්වෛරීත්වයට,ජාතික නිදහසට,ජාතික සමගිය⁣ට හා ජාතික සම්පත් වලට තර්ජනයක්ව ඇති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව බිඳ දැමීමය.එහෙත් මාලිමාව මෙතෙක් එම පළල්ම ජනතා සංධානය ගොඩනැගීමේ කටයුත්තට අත ගසා නොමැත .එහෙත් රනිල් ප්‍රමුඛ දක්ෂිණාංශික කඳවුර ඔවුන්ගේ පළල්ම එකතුව හදා ගැනීම සඳහා පියවර තබමින් සිටින බව පෙනේ.රනිල් ඒ සඳහා පොහොට්ටුවේ බහුතරයත් සජබ රාජිත ,චම්පික ,වෙල්ගම ,හා දෙමළ මුස්ලිම්  කංඩායමුත්,විග්නේෂ්වරන් ඇතුළු දෙමළ නායකයනුත් වතුකරයේ දෙමළ නායකයනුත් ,ගොනු කිරීම සඳහා දැනටමත් කටයුතු කරමින් සිටින බව පෙනේ.අවසානයේ ධනපති පංතියම එකතුවී එක් ජනාධිපති අපේක්ෂකයකු ජනාධිපතිවරණය ට ඉදිරිපත් කරනු ඇත .

 එම නිසා මාලිමාව තනිවම කටයුතු කිරීමේ ක්‍රියාමාර්ගයෙන් බැහැරව  වහාම තම උපාය මාර්ගයන්  වෙනස් කරමින් පුළුල්ම සංධානය ගොඩනැගීමට කටයුතු කළ යුතුය .දේශපාලනයේදී පෞද්ගලික කෝන්තර අදාල නැති අතර අදාල වන්නේ ප්‍රතිපත්තියයි.රනිල්ලාගේ රට විකුණන ආර්ථික,දේශපාලන  ප්‍රතිපත්තියට එරෙහි එකතු කළ හැකි සියලු වාමාංශික හා ජනතාවාදී බලවේග එකතුකිරීම කළ යුතුය .

 දෙවනුව පවතින ජාත්‍යන්තර හා ජාතික විෂය බද්ධ තත්ත්වය තුල එකවර සමාජවාදී ආණ්ඩුවක් හැදීමට තිබෙන ඉඩ කඩඅඩුය.ඒ බව මාලිමාව තම කාඩර් එකට නිර්භයව ප්‍රකාශ කළ යුතුය .ඒවෙනුවට කළ හැක්කේ පුබුදුවා ගන්නා ජනතාවාදී ක්‍රියාදාමයන් ඔස්සේ ධනවාදී සීමාවන් ඉක්මවූ පශ්චාත් ධනවාදී අවධියකට එළඹීම  බව කිව යුතුය .සමාජවාදී අනාගතය ඇත්තේ ඉන් ඔබ්බෙහි බව කිව යුතුය .එතෙක් වාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී  ප්‍රතිසංස්කරණ දාමයක් ඔස්සේ  ගමන්කළ යුතු බව රටට කිව යුතුය .

තුන්වනුව  අධිරාජ්‍යවාදී නව ලිබරල්  කඳවුරෙන් වෙන්ව BRICS ලෙස මතුවන ආසියාතික සංවර්ධන මාවත සමඟ සම්බන්ධ වෙමින් ඉදිරියට ගමන් කිරීමට මාවත විවර කර ගන්නා බව දැන්විය යුතුය .

     ප්‍රජාතන්ත්‍රවාදී පොදු ජන ව්‍යාපාරය..

තවත් පුවත් : 

Post a Comment

0 Comments