IMF යල් පැනපු,පුස්කාපු ප්‍රතිපත්ති හැර රනිල්ගේ ප්‍රකාශයේ වෙන කිසිවක් නෑ ! - මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තුවේදී පවසයි...


රනිල් වික්‍රමසිංහ ජනාධිපති පාර්ලිමේන්තුව⁣ට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිම ශක්තිමත් දෙයක් ඉදිරිපත් නොකළ බව මහාචාර්ය චරිත හේරත් එම විවාදයට එක් වෙමින් මැතිසබයේදී පවසන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යල්පැනපු,පුස්කාපු ප්‍රතිපත්ති හැර කිසිම ශක්තිමත් ප්‍රතිපත්තියක් ඒ තුල නොතිබුණු බව ඔහු පැවසීය .

රටේ පවතින බරපතල දේශපාලන හා ආර්ථික අර්බුදය වවාගෙන කන එක තමයි දේශපාලනයේ දිගටම කළේ. අප රටේ මේ ආර්ථික අර්බුදය 2008 සිට මොදුවෙමින් පවතින බවත්, උහුලන්න බැරි ආනයන වියදමක් හා ගෙවුම් ශේෂ අර්බුදයක් පවතින බවත් ,ආණ්ඩුවේ ආදායමට වඩා වියදම බෙහෙවින් වැඩි බවත් ,බදු ගහනවාට අමතරව විශාල ණය කන්දක් ගැනීම මේ අර්බුදයට හේතුවූ බවත්,පැවසීය .

ඒ ණය කන්දරාව ගත්ත ආණ්ඩු වල එක් ප්‍රධානියෙක් තමයි රනිල් වික්‍රමසිංහ .ඔහු උජාරුවෙන් කිව්ව අපිට ගෙවන්න තියෙන ණය මෙච්චරයි කියල.මේ ගත්ත ඇමරිකන් ඩොලර් 91න් 16ක්ම ගත්තෙ රනිල් වික්‍රමසිංහ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

තවත් පුවත් : 

Post a Comment

0 Comments