රටේ කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14 ක කාලය ඇතුලත නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මෙවර පාර්ලිමේන්තුවේ දී සිදු කර ගත නොහැකි වුවහොත් ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “වට්ස් නිව්” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කතිකාවට එක් වෙමිනි.
1977 ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය ඇති කිරීම වෙනුවෙන් නව නීති හඳුන්වා දුන්නා සේම රටේ සිදුකළ යුතු කඩිනම් ආර්ථික පරිවර්තනය වෙනුවෙන් නව නීති රැසක් ගෙන එන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
රට දියුණු කිරීමට ලෝකය පිළිගන්නා නීති හඳුන්වාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා වාණිජ කටයුතු වල නිරත රාජ්‍ය ආයතන ව්‍යුහය වෙනස් කරමින් රාජ්‍ය සංස්ථා සියල්ල සමාගම් බවට පත් කර එම සියලු සමාගම් එක් ප්‍රධාන සමාගමකට භාර කිරීමට රජය කටයුතු කරන බව ද සඳහන් කළේය.
පොදූ මූල්‍ය කළමනාකරණ පනතක්, පොදු ණය කළමනාකරණ පනතක්, කෘෂි නවිකරණ පනතක් මෙන්ම මෙම සියලු ඉලක්ක සපුරාගත හැකි ආර්ථික පරිවර්තන පනතක් ගෙන එන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දැනට තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවෙට ආර්ථික කොමිසමක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත්, ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළෙඳ කලාප මෙන්ම අලුතින් ඇති කරන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය කෙරෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
තවත් පුවත් :
0 Comments