රට ප්‍රපාතයට පත් කිරීම ගැන වගකිවයුතු වන්නේ රට පාලනය කළ දේශපාලකයන් පමණක් නොවේ.රටේ මූල්‍ය පාලනයයේ ප්‍රමුඛ වගකීමක් දරණ මහ බැංකුව ද ඊට වගකිව යුතුය.විනිමය සංචිත නාස්ති කිරීමට තීරණ ගත් මහබැංකුවේ සිටි සහ සිටින අධිපතිවරුද ඉහළ නිළධාරීන්ද ඊට වගකිව යුතුය .
මේ අතර රටේ දරුණු ආර්ථික අර්බුදයක් පවතින බවත් කවුරුත් පටිතදකර ගත යුතු බවත් පාලකයෝ සහ මහ බැංකු අධිපති රටේ ජනතාවට පවසති. ඒ ජනතාව කළ වරදක් නිසා නොව මේ පාලකයන්ගේ හා මහ බැංකුවේ අදූරදර්ශී ආරථික ප්‍රතිපත්තිය නිසාය .
එසේ තිබියදී රනිල් පොහොට්ටු ආණ්ඩුව පනතකින් මහ බැංකුව ස්වාධීන කළේය. දැන් මහ බැංකුව ආණ්ඩුවට වගකියන්නේ නැත. පඩි වැඩි කර ගැනීමේ බලය දැන් පනතින් මහ බැංකු වට පවරා ඇති නිසා මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ කියා මහ බැංකු නියෝජ්‍ය අධිපති 76.97% කින් වැටුප් වැඩි කරගෙන ඇත. පියන්ට සියයට තිස් ගණනක වැටුප් වැඩිවීමකි.
මහ බැංකු අධිපති එය සාධාරණීකරණය කිරීමට විවිධ හේතු ද ඉදිරිපත් කර ඇත .
එහෙත් ජනතාව පවසන්නේ මෙම වැඩි කිරීමේ කිසිදු යුක්තිසහගත බවක් නොමැති බවත්,මහ බැංකුව පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ වගකීමට යටත් නොකර ස්වාධීන ආයතනයක් කරන්න ඡන්දය දුන් රනිල්ගේ හා පොහොට්ටුවේ ඇමතිවරු මන්ත්‍රීවරු මෙයට වගකිවයුතු බවයි.
....... විමර්ශක ......
තවත් පුවත් :
0 Comments