රනිල්ට මල පනී, මම ඉන්නවද කියන එක නෙමේ ප්‍රශ්නය ,ඔබ කොතරම් කාලයක් ඉන්නවද!!


මම කොතරම් කාලයක් ඉන්නවද කියන ප්‍රශ්නයට ඉස්සෙල්ලා ඔබ සභාපති ලෙස කොතරම් කාලයක් ඉන්නවද කියන එකයි ප්‍රශ්නය .රනිල් වික්‍රමසිංහ ජනාධිපති මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි .

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ජනාධිපති පාර්ලිමේන්තුවේදී සිටියදීම පැවසුවේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ දවස්වල කරගෙන යනවා.ඡන්දෙට තියෙන්නේ තව මාස කීපයයි.එතකොට ඊළඟට පත්වන ආණ්ඩුව බැඳී සිටිනවා මේ ණය හිමියන් එක්ක එකතුවෙලා IMF වැඩ පිළිවෙල ඉදිරියට අරගෙන යන්න .

මොකද ඔබතුමා තව කොච්චර කාලයක් ඉන්නවා ද කියල අපිට හරියට කියන්න බැහැ.ප්‍රේමදාස මහතා යට⁣තේ අපි බලාපොරොත්තු වෙනව වැඩ කටයුතු ටික ඉදිරියට කරගෙන යන්න .මෙහිදී මල පැන්න ජනාධිපති අදහස් පළකරමින් පැවසුවේ මම කොතරම් කාලයක් ඉන්නවද කියන ප්‍රශ්නයට ඉස්සෙල්ලා ඔබ සභාපති හැටියට කොතරම් කාලයක් ඉන්නවද කියන එකයි ප්‍රශ්නය  යනුවෙන් පැවසීය 

..  පාර්ලිමේන්තු වාර්තාකරු ...

තවත් පුවත් : 

Post a Comment

0 Comments